Skip to content
Lanka Lux Travel
Plan My Trip
ඇස් රෝග (නේත්‍ර චිකිත්සා)

සෙමෙන් උපන් ඇස් ලෙඩ

📖 මූලාශ්‍රය: සෙංකඩගල රජවාසල ඇස්වෙද පොත

⏳ වෛද්‍ය සමාලෝචනයට පෙර — මෙම ලිපිය ලියාපදිංචි ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකු විසින් තවම පරීක්ෂා කර නැත. පහත මූලාශ්‍ර බලන්න.

සෙමෙන් උපන් ඇස් ලෙඩේ ලක්ෂණ හා බෙහෙත් කවි.

📜 පැරණි පොතේ මුල් පාඨය (අකුරු පිටපත) මුද්‍රිත පිටු 3 ස්කෑන් පිටු 4 අංක 16–20

!කියවීමට පෙර

  • මෙය ඓතිහාසික පාඨයක් පමණි — ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. මෙහි ඇති වට්ටෝරු නූතන වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂා කර නැත; ස්වයං ප්‍රතිකාර සඳහා භාවිතා නොකරන්න.
  • කිසිම බෙහෙතක්, කුඩුවක්, යුෂයක් හෝ අඳුනක් වෛද්‍යවරයෙකුගේ උපදෙසකින් තොරව ඇසට දමන්න එපා — ආසාදන, කෝනියා තුවාල සහ අන්ධභාවය ඇතිවිය හැක. ඇසේ වේදනාව, රතුවීම හෝ පෙනීම අඩුවීමකදී ඉක්මනින් ඇස් වෛද්‍යවරයෙකු හමුවන්න.

සෙමෙන් උපන් ලක්‍ෂණ.

16

සෙමෙන් සුදුමැසිද සුදුහු පෙනෙන්නේසොඳින් අම්බර දසපැය මැසි කෙලින්නේදුමක් සේ පෙනෙයි ගිනිදළු දැනගන්නේයසින් සුදු බිබිලි සුදුඉරි පෙනෙන්නේ

ඊට බෙහෙත්.

17

ඉසත් බරව ඉස රුදකරන්නේසෙමෙන් උපන් ඇස්ලෙඩ දැනගන්නේසව්න්ද සිනක්කාරම් ගන්නේසඳුන් දෙකත්සහ අරළුද ගන්නේ

18

අඹරා ඇල්දියෙන් ඇසවට ගාපන්නේසෙමෙන් උපන් ඇස්ලෙඩ දුරුවී යන්නේතිපල් සඳුන් දෙක වැල්මී ඇරගන්නේදේවදාර සිඩිද වලුණු සමගින්නේ

19

ඉඟුරු මිරිස් බදතිප්පිලි ඇරගන්නේදේවදාර දෙසදුන් වැල්මීද ගන්නේඅඹරා වැටකේ ඉස්මෙන් පැසවන්නේවාපිත් ඇස්රෝග දුරුවෙයි දැනගන්නේ

20

තිපල් සඳුන් දෙක වැල්මී ඇරගන්නේසිඩිගුරුත් දේවදාර සමගින්නේනිකදලු ඉඹුල් දලු සමකර ගනිමින්නේවාපිත් ඇස්ලෙඩට මීයෙන් ගාපන්නේ

මෙම පාඨය මුල් ස්කෑන් පිටපතෙන් අකුරට අකුර ලියා ඇත — පැරණි අක්ෂර වින්‍යාසය එලෙසම තබා ඇත. වැරදි හමුවුවහොත් අපට දන්වන්න.

ඇස් රෝග

මූලාශ්‍ර

  1. සෙංකඩගල රජවාසල ඇස්වෙද පොත — මුද්‍රිත පිටු 3 (ස්කෑන් PDF පිටු 4)

වෛද්‍ය උපදෙස්: මෙහි ඇති තොරතුරු පාරම්පරික දැනුම සංරක්ෂණය සහ අධ්‍යාපනික අරමුණු සඳහා පමණි — රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. රෝගයකදී, ගැබිනි කාලයේදී, ළමුන් සඳහා හෝ වෙනත් ඖෂධ ගන්නා විට සුදුසුකම් ලත් ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. හදිසි අවස්ථාවකදී 1990 සුවසැරිය අමතන්න.

© 2026 හෙළ වෛද්‍ය පුස්තකාලය · LankaLuxTravel.com — පාරම්පරික දැනුම සංරක්ෂණය හා අධ්‍යාපනය සඳහා.

WhatsApp us — 24/7