Skip to content
Lanka Lux Travel
Plan My Trip
ඇස් රෝග (නේත්‍ර චිකිත්සා)

පිතින් උපන් ඇස් ලෙඩ

📖 මූලාශ්‍රය: සෙංකඩගල රජවාසල ඇස්වෙද පොත

⏳ වෛද්‍ය සමාලෝචනයට පෙර — මෙම ලිපිය ලියාපදිංචි ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකු විසින් තවම පරීක්ෂා කර නැත. පහත මූලාශ්‍ර බලන්න.

පිතින් උපන් ඇස් ලෙඩේ ලක්ෂණ හා බෙහෙත් කවි.

📜 පැරණි පොතේ මුල් පාඨය (අකුරු පිටපත) මුද්‍රිත පිටු 2–3 ස්කෑන් පිටු 3–4 අංක 11–15

!කියවීමට පෙර

  • මෙය ඓතිහාසික පාඨයක් පමණි — ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. මෙහි ඇති වට්ටෝරු නූතන වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂා කර නැත; ස්වයං ප්‍රතිකාර සඳහා භාවිතා නොකරන්න.
  • කිසිම බෙහෙතක්, කුඩුවක්, යුෂයක් හෝ අඳුනක් වෛද්‍යවරයෙකුගේ උපදෙසකින් තොරව ඇසට දමන්න එපා — ආසාදන, කෝනියා තුවාල සහ අන්ධභාවය ඇතිවිය හැක. ඇසේ වේදනාව, රතුවීම හෝ පෙනීම අඩුවීමකදී ඉක්මනින් ඇස් වෛද්‍යවරයෙකු හමුවන්න.

පිතින් උපන් ලක්‍ෂණ.

11

තදින් කිපෙයි පිත් මද්දිම දස පැයෙනරතෙන් නූල් රතු මැස්සන් පෙනෙයි දනඇසින් උෂ්ණ සහ කඳුළුද වැගිරේන[?]ඇසින් බිබිලි රන්වන් දුර්වෙයි සොඳින

ඊට බෙහෙත්.

12

ඉදිමුන් රුද ගිනිදලු තුන පෙනෙන්නේපිතින් උපන් ඇස්ලෙඩ මෙලෙසින් දන්නේසොඳින් තිපල් ඉරමුසුමුල් ඇරගන්නේසඳුන් ඉඟිනිඇට කෝමාරිකා ගන්නේ

13

සොඳින් ඉඹුල් දළු මීපැනි සොඳගනගලෙන් අඹරමින් ඇසවට ගාපු තැනපිතෙන් උපන් ඇස්ලෙඩ ගුණවෙයි කියනඋතුන් ඉසි බසෙකි දැනගන් බොරු නොවෙන

14

තිපල් සඳුන් දෙක කුමරිය ඇරගන්නේඋපුල් දලුද පාවට්ටා සමගින්නේවිපුල් ගෙඳපලා මීයෙන් ගාපන්නේසියල් පිත් රෝග දෙනෙතෙන් දුරුව යන්නේ

15

දෙසඳුන් අගිල් ඉරිවේරිය අරගන්නේසුපසන් ගෙඳපලා කිකිරිදිය ගන්නේකසපැන් දියෙන් අඹරා ඇස ගාපන්නේසැනෙකින් පිතෙන්වූ ඇස්ලෙඩ දුරුවන්නේ

මෙම පාඨය මුල් ස්කෑන් පිටපතෙන් අකුරට අකුර ලියා ඇත — පැරණි අක්ෂර වින්‍යාසය එලෙසම තබා ඇත. පැහැදිලිව කියවිය නොහැකි වචන [?] ලෙස සලකුණු කර ඇත. වැරදි හමුවුවහොත් අපට දන්වන්න.

ඇස් රෝග

මූලාශ්‍ර

  1. සෙංකඩගල රජවාසල ඇස්වෙද පොත — මුද්‍රිත පිටු 2–3 (ස්කෑන් PDF පිටු 3–4)

වෛද්‍ය උපදෙස්: මෙහි ඇති තොරතුරු පාරම්පරික දැනුම සංරක්ෂණය සහ අධ්‍යාපනික අරමුණු සඳහා පමණි — රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. රෝගයකදී, ගැබිනි කාලයේදී, ළමුන් සඳහා හෝ වෙනත් ඖෂධ ගන්නා විට සුදුසුකම් ලත් ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. හදිසි අවස්ථාවකදී 1990 සුවසැරිය අමතන්න.

© 2026 හෙළ වෛද්‍ය පුස්තකාලය · LankaLuxTravel.com — පාරම්පරික දැනුම සංරක්ෂණය හා අධ්‍යාපනය සඳහා.

WhatsApp us — 24/7