Skip to content
Lanka Lux Travel
Plan My Trip
ඇස් රෝග (නේත්‍ර චිකිත්සා)

තුන් දොසින් උපන් ඇස් රෝග ලක්ෂණ හා වාත ඇස් ලෙඩ

📖 මූලාශ්‍රය: සෙංකඩගල රජවාසල ඇස්වෙද පොත

⏳ වෛද්‍ය සමාලෝචනයට පෙර — මෙම ලිපිය ලියාපදිංචි ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකු විසින් තවම පරීක්ෂා කර නැත. පහත මූලාශ්‍ර බලන්න.

වාත, පිත, සෙම අනුව ඇස් රෝග හඳුනාගැනීම සහ වාතෙන් උපන් ඇස් ලෙඩට බෙහෙත්.

📜 පැරණි පොතේ මුල් පාඨය (අකුරු පිටපත) මුද්‍රිත පිටු 1–2 ස්කෑන් පිටු 2–3 අංක 5–10

!කියවීමට පෙර

  • මෙය ඓතිහාසික පාඨයක් පමණි — ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. මෙහි ඇති වට්ටෝරු නූතන වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂා කර නැත; ස්වයං ප්‍රතිකාර සඳහා භාවිතා නොකරන්න.
  • කිසිම බෙහෙතක්, කුඩුවක්, යුෂයක් හෝ අඳුනක් වෛද්‍යවරයෙකුගේ උපදෙසකින් තොරව ඇසට දමන්න එපා — ආසාදන, කෝනියා තුවාල සහ අන්ධභාවය ඇතිවිය හැක. ඇසේ වේදනාව, රතුවීම හෝ පෙනීම අඩුවීමකදී ඉක්මනින් ඇස් වෛද්‍යවරයෙකු හමුවන්න.

තුන් දොසින් උපන් ඇස් රෝග ලක්‍ෂණ

5

වාපිත් සෙම් අදිකව් ඇස් ලෙඩ එන්නේඑපවත් නිසිලෙසින් වෙදදුරු දැනගන්නේපාවත් තුන්දෙසේ වෙන වෙන බලමින්නේවායුත් කෘෂ්ණකප සුදුපිත රන්වන්නේ

වාතෙන් උපන් ලක්‍ෂණ

6

රුද වකර ඒනම්වා ඇස්ලෙඩදයෙදි කළු මැසිද නූල්ත් කළු ඉරිදඋදේ දස පැයේ මෙලෙස පෙනීමදවෙද දනු වායු ඇස්ලෙඩ ලක්‍ෂණද

7

බෙල්ලේ රුදකර ඇසටයි නැගෙන්නේඇල්ලෙන් ඇල්ල ඉදිමුත් කරවයි දන්නේපල්ලෙන් පුවන කඳුලැලි ගිනරම එන්නේඅල්ලේ දරග සේවා ලෙඩ දැනගන්නේ

ඊට බෙහෙත්.

8

මහබසු තිපල් දෙසදුන් වැල්මීද ගෙනකොට්ටං අගිල් මුඩමහණද සමව ගෙනඅඹරාගන අතාතිඹ පොතු යුසරුගෙනගෑකල වාත ඇස්ලෙඩ දුරුවෙයි සොඳින

9

දෙසදුන් වැල්මීද තිපලුත් අරගන්නේඅබසුදුළූනු සිඩිගුරුත් ගනිමින්නේවෙනිවැල් ගැට ඉස්මෙන් පිස ගාපන්නේවාතෙන් උපන් ඇස්ලෙඩ දුරුවී යන්නේ

10

දෙසදුන් වැල්මීද ඉඟිනිත් සමව සොඳගනිමින් සිඩිගුරු කල්ලිප්පාක් කුද[?]මීයෙන් ගවා ඇසවටකර ගෑ කලදවිගසින් වාත ඇස්ලෙඩ දුරුවෙය තද

මෙම පාඨය මුල් ස්කෑන් පිටපතෙන් අකුරට අකුර ලියා ඇත — පැරණි අක්ෂර වින්‍යාසය එලෙසම තබා ඇත. පැහැදිලිව කියවිය නොහැකි වචන [?] ලෙස සලකුණු කර ඇත. වැරදි හමුවුවහොත් අපට දන්වන්න.

ඇස් රෝගවාත රෝග

මූලාශ්‍ර

  1. සෙංකඩගල රජවාසල ඇස්වෙද පොත — මුද්‍රිත පිටු 1–2 (ස්කෑන් PDF පිටු 2–3)

වෛද්‍ය උපදෙස්: මෙහි ඇති තොරතුරු පාරම්පරික දැනුම සංරක්ෂණය සහ අධ්‍යාපනික අරමුණු සඳහා පමණි — රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. රෝගයකදී, ගැබිනි කාලයේදී, ළමුන් සඳහා හෝ වෙනත් ඖෂධ ගන්නා විට සුදුසුකම් ලත් ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. හදිසි අවස්ථාවකදී 1990 සුවසැරිය අමතන්න.

© 2026 හෙළ වෛද්‍ය පුස්තකාලය · LankaLuxTravel.com — පාරම්පරික දැනුම සංරක්ෂණය හා අධ්‍යාපනය සඳහා.

WhatsApp us — 24/7