⏳ වෛද්ය සමාලෝචනයට පෙර — මෙම ලිපිය ලියාපදිංචි ආයුර්වේද / දේශීය වෛද්යවරයෙකු විසින් තවම පරීක්ෂා කර නැත. පහත මූලාශ්ර බලන්න.
පොට්ටනි බැඳ ඇසට ‘තෙපුල්’ කිරීමේ ක්රම ගැන කවි.
!කියවීමට පෙර
- මෙය ඓතිහාසික පාඨයක් පමණි — ප්රතිකාර නිර්දේශයක් නොවේ. මෙහි ඇති වට්ටෝරු නූතන වෛද්ය විද්යාත්මකව පරීක්ෂා කර නැත; ස්වයං ප්රතිකාර සඳහා භාවිතා නොකරන්න.
- කිසිම බෙහෙතක්, කුඩුවක්, යුෂයක් හෝ අඳුනක් වෛද්යවරයෙකුගේ උපදෙසකින් තොරව ඇසට දමන්න එපා — ආසාදන, කෝනියා තුවාල සහ අන්ධභාවය ඇතිවිය හැක. ඇසේ වේදනාව, රතුවීම හෝ පෙනීම අඩුවීමකදී ඉක්මනින් ඇස් වෛද්යවරයෙකු හමුවන්න.
සැම ඇස්ලෙඩට තෙපුල්.
දෙසඳුන් තිපල් වැල්මී ඉඟිනි ඇටගෙණගනිමින් කුමරි එලබිංතඹුරු අඩහැණනිසකින් රුගෙණ පොට්ටනි බැඳලා සොඳිණතබමින් එලකිරෙහි තෙපුලුත් ඇසට දෙණ
තැලුන් රිදුන් උෂ්ණගති දුරුවන්නේකෙවුන් සුදරතත් කඳුලුද වැගිරෙන්නේතදින් සැඩි එන ඇස්ලෙඩ දුරුවන්නේඋතුන් ඇස්තෙපුල රුසි කිව්වා දන්නේ
උපුවා කැබැල්ලද බෝඹුත් ලා රුගෙනසොදවා දෙසඳුන්ද තිපලුත් සමව ගෙනතුඹවා මලුත් ඉඟිනිද කුමරිය රුගෙනසොදවා කොටා පොට්ටනි බැඳලා රුගෙන
තැඹිලි දියේ ගල්ලා තෙපුල් කරගණබිබිලි සුදරතත් ඉදිමුම් කඳුලු යණදැවිලි උෂ්ණද අඳුරත් රුජාසණකෙවිලි සහ මෙකී ඇස්රෝග දුරුවණ
අඩහැර ගෙඳපලා කුමරිය තිපල්ගෙනරත් හර සුදුසඳුන් ඉඟිනිදඇට රුගෙනඑක්කර සෙංකල නිරිකොට්ටන්ද ගෙනරුස්කර අඹරමින් නෙත්තෙපුල දුන්තැන
එලකිරියෙන් මේසැටි හෙණ කරපන්නේසුදරත බිබිලි උෂ්ණ ගති දුරුවන්නේකෙවුම්රුජා ඇස් ඉදිමුං ගුනවන්නේඑකසිය විස්සක් ඇස්ලෙඩ දුරුවන්නේ
සැවැන්දරමුල් පිච්චදමල් රුගෙනදෙලුන්මල්ද කුමරිය දෙසඳුන් රුගෙනඅරළු ගල්සෙවෙල් එලබින් තඹුරු ගෙනතැඹිලි දියෙන් පොට්ටනි බැඳ තෙපුල් දෙන
උෂ්ණගති සුදරත දැවිලිද වන්නේඅඳුරු පටල මල්පුපය දැනගන්නේරැකන ඉදිමුන්ද කෙවුමුත් දැනගන්නේමෙකී සියළු ලෙඩ තෙපුලෙන් දුරුවන්නේ
මෙම පාඨය මුල් ස්කෑන් පිටපතෙන් අකුරට අකුර ලියා ඇත — පැරණි අක්ෂර වින්යාසය එලෙසම තබා ඇත. වැරදි හමුවුවහොත් අපට දන්වන්න.
මූලාශ්ර
- සෙංකඩගල රජවාසල ඇස්වෙද පොත — මුද්රිත පිටු 14 (ස්කෑන් PDF පිටු 16)
වෛද්ය උපදෙස්: මෙහි ඇති තොරතුරු පාරම්පරික දැනුම සංරක්ෂණය සහ අධ්යාපනික අරමුණු සඳහා පමණි — රෝග විනිශ්චයක් හෝ ප්රතිකාර නිර්දේශයක් නොවේ. රෝගයකදී, ගැබිනි කාලයේදී, ළමුන් සඳහා හෝ වෙනත් ඖෂධ ගන්නා විට සුදුසුකම් ලත් ආයුර්වේද / දේශීය වෛද්යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. හදිසි අවස්ථාවකදී 1990 සුවසැරිය අමතන්න.