Skip to content
Lanka Lux Travel
Plan My Trip
ඇස් රෝග (නේත්‍ර චිකිත්සා)

දිව්‍යරාජ තෙපුල හා ඇසේ රොඩු, විගෙඩි

📖 මූලාශ්‍රය: සෙංකඩගල රජවාසල ඇස්වෙද පොත

⏳ වෛද්‍ය සමාලෝචනයට පෙර — මෙම ලිපිය ලියාපදිංචි ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකු විසින් තවම පරීක්ෂා කර නැත. පහත මූලාශ්‍ර බලන්න.

දිව්‍යරාජ තෙපුල, ඇසේ රොඩු ඇදීම, විගෙඩි ඇනුනු විට හා යහුනු ගැලවීමට කවි.

📜 පැරණි පොතේ මුල් පාඨය (අකුරු පිටපත) මුද්‍රිත පිටු 15 ස්කෑන් පිටු 17 අංක 111–118

!කියවීමට පෙර

  • මෙය ඓතිහාසික පාඨයක් පමණි — ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. මෙහි ඇති වට්ටෝරු නූතන වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂා කර නැත; ස්වයං ප්‍රතිකාර සඳහා භාවිතා නොකරන්න.
  • කිසිම බෙහෙතක්, කුඩුවක්, යුෂයක් හෝ අඳුනක් වෛද්‍යවරයෙකුගේ උපදෙසකින් තොරව ඇසට දමන්න එපා — ආසාදන, කෝනියා තුවාල සහ අන්ධභාවය ඇතිවිය හැක. ඇසේ වේදනාව, රතුවීම හෝ පෙනීම අඩුවීමකදී ඉක්මනින් ඇස් වෛද්‍යවරයෙකු හමුවන්න.

දිව්‍යරාජ තෙපුල.

111

කුරදෙළුම් කොසඹද උදුපිස්ලි ගෙනඑල බිංතඹුරු එලකටරොඩු අරළු ගෙනදෙසඳුන් ඉඟිනි ඇටරමත් කහද ගෙනසහිදලූනුත් සියඹලාද කොල රුගෙන

112

අඹරා පොට්ටනි බැඳලා අරගෙනවිනාකිරෙන් ඇස තෙපුල් කරව දැනවිගෙඩි කවු උල් බේතට එයි දැනදිව්‍යරාජ තෙපුලකි රට දිනවන

ඇසරොඩු ඇදෙන්ට

113

ඊතණදෙළුම් මල්වැටකේ බොඩද ගෙනඅඩහැර දෙළුම්දළු එලබිංතඹුරු ගෙනඑලකටරොඩු කොසඹත් තැල්කොලද ගෙනදෙසඳුන් තිපල් ගෙන අඹරා සොඳලෙසින

114

ගිතෙලින් තම්බමින් ඇසපිට බැඳපු තැනවිගෙඩි කවුඋල්ද මිනිරන් යගුනු[?]සියලු රොඩුත් බේතට එයි ඉගිලගෙනරහස් බේත වෙදුනි තනලා බඳිමු දැන

විගෙඩි ඇනුනාට ඉස ගැල්ලුම.

115

ඇස්විගෙඩිද සැහවුනු කල දන්නේඑලබින්තඹුරු හාබෙපි කොටලා ගන්නේවිනාකිරෙන් ඉස ගැල්ළු කල දන්නේසත්පැය යනකල විගෙඩි වැටෙමින්නේ

ඊටම මැල්ලුමක්.

116

තිපල් සඳුන්දෙක එලබින්තඹුරුගෙනසියඹලාද කොල රතුඑනුත් රුගෙනඅඹර තලතෙලෙන් මලවා බැන්ද තැනවිගෙඩි රොඩු සමග ගල්කුඩු වැටෙයි දැන

117

එලසැබෝ මුල්ද උදුරා කටට ගෙනසපා පිඹිනු ඇසඇතුලට සොඳලෙසිනඅකුනු විදුලි වැටෙනා ලෙසට දැනගනවිගෙඩි රොඩු කටුත් ඉගලියයි සොඳින

යහුනු ගැලවෙන්ට.

118

ගෝරෝචන ගිතෙලුත් කොට්ටන් රුගෙණඇසට පිඹිනු වීරොඩු ගල්ද මතුවණඋසිකාන්දුන් කොට්ටන් කැට රුගෙණපිඹිනු යහුනු මතුවී යෙයි විගසකිණ

මෙම පාඨය මුල් ස්කෑන් පිටපතෙන් අකුරට අකුර ලියා ඇත — පැරණි අක්ෂර වින්‍යාසය එලෙසම තබා ඇත. පැහැදිලිව කියවිය නොහැකි වචන [?] ලෙස සලකුණු කර ඇත. වැරදි හමුවුවහොත් අපට දන්වන්න.

ඇසේ තුවාලඇස් රෝග

මූලාශ්‍ර

  1. සෙංකඩගල රජවාසල ඇස්වෙද පොත — මුද්‍රිත පිටු 15 (ස්කෑන් PDF පිටු 17)

වෛද්‍ය උපදෙස්: මෙහි ඇති තොරතුරු පාරම්පරික දැනුම සංරක්ෂණය සහ අධ්‍යාපනික අරමුණු සඳහා පමණි — රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. රෝගයකදී, ගැබිනි කාලයේදී, ළමුන් සඳහා හෝ වෙනත් ඖෂධ ගන්නා විට සුදුසුකම් ලත් ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. හදිසි අවස්ථාවකදී 1990 සුවසැරිය අමතන්න.

© 2026 හෙළ වෛද්‍ය පුස්තකාලය · LankaLuxTravel.com — පාරම්පරික දැනුම සංරක්ෂණය හා අධ්‍යාපනය සඳහා.

WhatsApp us — 24/7