විගෙඩි ආදිය ඇනුනාට — නස්‍ය හා දිව්‍යරාජ චූර්ණය
📖 මූලාශ්‍රය: සෙංකඩගල රජවාසල ඇස්වෙද පොත
⏳ වෛද්‍ය සමාලෝචනයට පෙර — මෙම ලිපිය ලියාපදිංචි ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකු විසින් තවම පරීක්ෂා කර නැත. පහත මූලාශ්‍ර බලන්න.
ඇසට විගෙඩි ඇනුනු විට ඇසට පිඹීම හා නාසයට උරණ කුඩු ගැන කවි.
!කියවීමට පෙර
- මෙය ඓතිහාසික පාඨයක් පමණි — ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. මෙහි ඇති වට්ටෝරු නූතන වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂා කර නැත; ස්වයං ප්‍රතිකාර සඳහා භාවිතා නොකරන්න.
- කිසිම බෙහෙතක්, කුඩුවක්, යුෂයක් හෝ අඳුනක් වෛද්‍යවරයෙකුගේ උපදෙසකින් තොරව ඇසට දමන්න එපා — ආසාදන, කෝනියා තුවාල සහ අන්ධභාවය ඇතිවිය හැක. ඇසේ වේදනාව, රතුවීම හෝ පෙනීම අඩුවීමකදී ඉක්මනින් ඇස් වෛද්‍යවරයෙකු හමුවන්න.
- මනෝසිල (ආසනික් සල්ෆයිඩ්) සහ පාසානම් (ආසනික්) — විෂ සහිත ලෝහ/ඛනිජ; භාවිතය අනතුරුදායකයි.
විගෙඩි ආදිය ඇනුනාට.
එලවරාද මුල් හක්කට අරගන්නේඇසට පිඹිනු බැදිකල ඔසු බලවන්නේඇසේ තිබුනු විගෙඩිරොඩු නැතිවන්නේරජවාසල වෙදකම පිට නොමදෙන්නේ
කුංකුමප්පු දේවදාර කළුඅංගන ඇටගන්නේපස්කුළුබදු කුරුඳුපොතුද සිව්ය සඳුන් දෙක ගන්නේඅරළු දෙදුරු අසමොදගන් පිතකරෝසන ගන්නේජීවදන්ත එමපදමට ගෙන කුඩුකර අරගන්නේ
රාජවෘක්ෂ දෙළුම්පිච්චමල් වරාද අරගන්නේඋපුල්මලෙහිලා නාසෙට ඉරුමට රජහට දෙන්නේදෙපුඩුවටම ඉම්බෝතින් රදකැක්කුම් දුරුවන්නේඇසේ රුදුනු ගල් රොඩුවී ඇසනොරඳ දුරුවන්නේ
මුඩමහනාගෙඩියකලා ඉරුවොත් නාසෙට දන්නේරදසමගින් කෙවිලිරුද ඇස්ලෙඩ දුරුවන්නේඅඩුකුලයට කුඩු අරගෙන නාසෙට උරමින්නේවීඇටරොඩු ඇසනොරඳ ගැලවී සැපවන්නේ
කළුදුරු ගරුඩ පාසානන් හොරදගෙණමිරිස් සමග කුඩුකරලා ගෙණ සොඳිණඅතතනම්ලෙහිලා නාසෙට ඉඹිනු දැණඇසේ ඇනුනු විගෙඩි රොඩු ඉගිලයණ
පීනස දහඅටක්සමග ඇසේරුද ගුණව[?]ඇසට නැගින වාතය සහ පිත්සෙන් ලෙඩ ගුණව[?]රජහටසහ සෙසුඅයටත් රුසිවරු කිව්වා දන්නේදිව්යරාජ චූර්ණයකි තුන් ආකාරෙට දෙන්නේ
මෙම පාඨය මුල් ස්කෑන් පිටපතෙන් අකුරට අකුර ලියා ඇත — පැරණි අක්ෂර වින්‍යාසය එලෙසම තබා ඇත. පැහැදිලිව කියවිය නොහැකි වචන [?] ලෙස සලකුණු කර ඇත. වැරදි හමුවුවහොත් අපට දන්වන්න.
මූලාශ්‍ර
- සෙංකඩගල රජවාසල ඇස්වෙද පොත — මුද්‍රිත පිටු 16 (ස්කෑන් PDF පිටු 18)
වෛද්‍ය උපදෙස්: මෙහි ඇති තොරතුරු පාරම්පරික දැනුම සංරක්ෂණය සහ අධ්‍යාපනික අරමුණු සඳහා පමණි — රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. රෝගයකදී, ගැබිනි කාලයේදී, ළමුන් සඳහා හෝ වෙනත් ඖෂධ ගන්නා විට සුදුසුකම් ලත් ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. හදිසි අවස්ථාවකදී 1990 සුවසැරිය අමතන්න.