⏳ වෛද්ය සමාලෝචනයට පෙර — මෙම ලිපිය ලියාපදිංචි ආයුර්වේද / දේශීය වෛද්යවරයෙකු විසින් තවම පරීක්ෂා කර නැත. පහත මූලාශ්ර බලන්න.
නාග පටල පුරවලියම, රැකන හා රතසුද මල්පුපයට කවි.
!කියවීමට පෙර
- මෙය ඓතිහාසික පාඨයක් පමණි — ප්රතිකාර නිර්දේශයක් නොවේ. මෙහි ඇති වට්ටෝරු නූතන වෛද්ය විද්යාත්මකව පරීක්ෂා කර නැත; ස්වයං ප්රතිකාර සඳහා භාවිතා නොකරන්න.
- කිසිම බෙහෙතක්, කුඩුවක්, යුෂයක් හෝ අඳුනක් වෛද්යවරයෙකුගේ උපදෙසකින් තොරව ඇසට දමන්න එපා — ආසාදන, කෝනියා තුවාල සහ අන්ධභාවය ඇතිවිය හැක. ඇසේ වේදනාව, රතුවීම හෝ පෙනීම අඩුවීමකදී ඉක්මනින් ඇස් වෛද්යවරයෙකු හමුවන්න.
නාග පටල පුරවලියම.
පතක් වරාකිරිද එලකිරි යොදලාමදක් කකාරා දඩිපදමට බාලාසුගක් ඇසේවට ගානුව බලාඉළුක් පටල රතසුද දුරුවෙයි එකලා
නාග පටල සහ අරමන සමගින්නේවෙහෙස රුජා කැක්කුං නැතිවෙන්නේරෝග නොයෙක් ඇස්ලෙඩ දුරු වෙන්නේනාගපටල පුරවලියම දන්නේ
රැකනට සහ තවත්.
අග් මැල්ලද අඟුරක් ඇරගන්නේඑකක් අරළු රඹ පැලදළු ගන්නේඑක් කර කොටමින් ඉස්මයොදන්නේඑකක් තිපල් දෙසඳුන් අරගන්නේ
සැවැන්දරද මුල් කොටලා ඉස්ම ගෙනසඳුන් දෙකද තිපලුත් කොට්ටංද ගෙනඅඳුන් කිකිරිදි සපුනා කෙසරු ගෙනයසින් අඹරලා ඉස්මට යොදාගන
ගිතෙල් සීනි මීපැනි එහි යොදන්නේපැසවාගන ඇසවටකර ගාපන්නේඇඳිරි ඇසේ මල්පුපය දුරුවන්නේයසේ බිබිලි රතසුද දෙක නැතිවන්නේ
විසේසයෙන් රැකන අමර දුරුවේනවාපිත් සෙමෙන්වූ නෙක ඇස් ලෙඩද යනවසවතු බිඳුර මුනිරජු ජයගත් ලෙසිනඇස්ලෙඩ බිඳුර මේ ඔසු ජයලබන
රතසුද මල්පුපාදියට.
සුලුකුරද මුල්කොටලා ඉස්ම ගෙනදෙසඳුං අගිල් කොට්ටං වැල් මීද ගෙනතිපළුත් රනවරාමුල් ඉඟිනි ඇටගෙනඅඹරා යොදා සැලියකලා තබාගන
ගිතෙල් සීනි තලතෙල් එහි යොදාගනසිසිල් ගුනෙහි පැසවා ඇස ගාපු තැනඑමල් පුප රතසුද බිබිලි පටලිනවිපුල් වේය සැම්ලෙඩ දුරුවී සොඳින
දෙසදුන් තිපල් ඉඟිනිද වැල්මීද ගෙනගනිමින් කුමරි කොසඹත් කොල දෙළුං ගෙනමෙලෙසින් සියඹලාදළු ගෙඳපලා ගෙනඑමුලින් කූර වෙනිවැල් ගැට දෙසඳුනෙන
අඹරත් මෙඔසු මීපැනි සමග අරගනමැඩගත් බෝඹු පොතු ඉස්මට යොදාගනසමගත් දෙසිඇඹුල් එලකිරිද අරගෙනයහපත් ලෙස පැසවා ඇසගානු දන
සුදත් රතද බිබිලිද ඉදිමුන් වන්නේමැසින් නූල්පෙනෙමින් කඳුලුද එන්නේමහත් ලෙසට නෙත්කාංචි දැනගන්නේමෙතෙක් සියලු ඇස්ලෙඩ දුරුවී යන්නේ
මෙම පාඨය මුල් ස්කෑන් පිටපතෙන් අකුරට අකුර ලියා ඇත — පැරණි අක්ෂර වින්යාසය එලෙසම තබා ඇත. වැරදි හමුවුවහොත් අපට දන්වන්න.
මූලාශ්ර
- සෙංකඩගල රජවාසල ඇස්වෙද පොත — මුද්රිත පිටු 12–13 (ස්කෑන් PDF පිටු 14–15)
වෛද්ය උපදෙස්: මෙහි ඇති තොරතුරු පාරම්පරික දැනුම සංරක්ෂණය සහ අධ්යාපනික අරමුණු සඳහා පමණි — රෝග විනිශ්චයක් හෝ ප්රතිකාර නිර්දේශයක් නොවේ. රෝගයකදී, ගැබිනි කාලයේදී, ළමුන් සඳහා හෝ වෙනත් ඖෂධ ගන්නා විට සුදුසුකම් ලත් ආයුර්වේද / දේශීය වෛද්යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. හදිසි අවස්ථාවකදී 1990 සුවසැරිය අමතන්න.