⏳ වෛද්‍ය සමාලෝචනයට පෙර — මෙම ලිපිය ලියාපදිංචි ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකු විසින් තවම පරීක්ෂා කර නැත. පහත මූලාශ්‍ර බලන්න.
ඇසේ පනුවන් හා නීලකාසි, නාග පටල ආදියට කවි.
!කියවීමට පෙර
- මෙය ඓතිහාසික පාඨයක් පමණි — ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. මෙහි ඇති වට්ටෝරු නූතන වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂා කර නැත; ස්වයං ප්‍රතිකාර සඳහා භාවිතා නොකරන්න.
- කිසිම බෙහෙතක්, කුඩුවක්, යුෂයක් හෝ අඳුනක් වෛද්‍යවරයෙකුගේ උපදෙසකින් තොරව ඇසට දමන්න එපා — ආසාදන, කෝනියා තුවාල සහ අන්ධභාවය ඇතිවිය හැක. ඇසේ වේදනාව, රතුවීම හෝ පෙනීම අඩුවීමකදී ඉක්මනින් ඇස් වෛද්‍යවරයෙකු හමුවන්න.
ඇසේ පනුවන්ට.
දෙහිත් දෙමට කිරිමිරිකා ඇරගන්නේබුලුත් පොතුද ඉස්මත් එහි යොදන්නේඅබින් දමා පැසවා ඇස ගාපන්නේනුවන් ලෙඩ කරණ පනුවෝ දුරුවන්නේ
කහද අබින් සහිදලූනුත් අරළු ගෙනවදකහ දේවදාරද කුළුරුනගෙනදළුද සියඹලා දෙසිඹුලෙන් අඹරනඇසද ගානු පනුලෙඩ නවසිය නසන
කොසඹපත් කොබ්බෑකොල දෙකසා අර ගනඅරළු බුළුත් දෙළුම්මල්ද මීහර ගනිමිනකුමරි පොතුත් සඳුංදෙකද දෙදුරුත් සමගිනදෙසි ඇඹුලෙන් ගවා මඩොල් තෙලට යොදාගන
අඟන කොලද කරඳපොතුද සොඳින් සටායුස අරගෙනපිරිසිදුවම නිසිවිලසට මණ්ඩාපිට පැසවාගෙනපනුලෙඩ දැනදෙනු වන කණ ඇසපිට ගෑවොත් විගසිනදුරුව යේය නුවන්රෝග මෙම බේතේ බලෙන් සොඳින
කුඹුක් පොත්තෙ ඉස්මද අරගන්නේඑරුක් ගසේ මල් තිපල්ද ගන්නේපුවක් කරුංකා දෙසදුන් ගන්නේරගක් අඹරලා එහි යොදමින්නේ
සහිඳද එනු යවකාරං ගන්නේසොඳ ලෙස අඹරාලා යොදමින්නේදඩිපදමට එනලෙස පැසවන්නේපිටද ඇඟේගා ගුනපවසන්නේ
සුදත් සමග නීලකාසි මල් පොලදතදත් නාග පටල ඉළුක් පටලදකෙලිත් මැසි වර්න රතු සුදු ඉදිමුන්දගුනත්වේය මෙම ලෙස කරපන්න සොඳ
මෙම පාඨය මුල් ස්කෑන් පිටපතෙන් අකුරට අකුර ලියා ඇත — පැරණි අක්ෂර වින්‍යාසය එලෙසම තබා ඇත. වැරදි හමුවුවහොත් අපට දන්වන්න.
මූලාශ්‍ර
- සෙංකඩගල රජවාසල ඇස්වෙද පොත — මුද්‍රිත පිටු 11–12 (ස්කෑන් PDF පිටු 13–14)
වෛද්‍ය උපදෙස්: මෙහි ඇති තොරතුරු පාරම්පරික දැනුම සංරක්ෂණය සහ අධ්‍යාපනික අරමුණු සඳහා පමණි — රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. රෝගයකදී, ගැබිනි කාලයේදී, ළමුන් සඳහා හෝ වෙනත් ඖෂධ ගන්නා විට සුදුසුකම් ලත් ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. හදිසි අවස්ථාවකදී 1990 සුවසැරිය අමතන්න.