Skip to content
Lanka Lux Travel
Plan My Trip
ඇස් රෝග (නේත්‍ර චිකිත්සා)

තුන්සිය විස්සක් ඇස් ලෙඩට, ඇඳිරි හා පටල

📖 මූලාශ්‍රය: සෙංකඩගල රජවාසල ඇස්වෙද පොත

⏳ වෛද්‍ය සමාලෝචනයට පෙර — මෙම ලිපිය ලියාපදිංචි ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකු විසින් තවම පරීක්ෂා කර නැත. පහත මූලාශ්‍ර බලන්න.

ඇස් ලෙඩ 320කට, ඇඳිරි මල් පටල හා උල්වාරං ඉළුක් පටලවලට කවි.

📜 පැරණි පොතේ මුල් පාඨය (අකුරු පිටපත) මුද්‍රිත පිටු 11 ස්කෑන් පිටු 13 අංක 79–84

!කියවීමට පෙර

  • මෙය ඓතිහාසික පාඨයක් පමණි — ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. මෙහි ඇති වට්ටෝරු නූතන වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂා කර නැත; ස්වයං ප්‍රතිකාර සඳහා භාවිතා නොකරන්න.
  • කිසිම බෙහෙතක්, කුඩුවක්, යුෂයක් හෝ අඳුනක් වෛද්‍යවරයෙකුගේ උපදෙසකින් තොරව ඇසට දමන්න එපා — ආසාදන, කෝනියා තුවාල සහ අන්ධභාවය ඇතිවිය හැක. ඇසේ වේදනාව, රතුවීම හෝ පෙනීම අඩුවීමකදී ඉක්මනින් ඇස් වෛද්‍යවරයෙකු හමුවන්න.

තුන්සිය විස්සක් ඇස් ලෙඩට.

79

කල්ගිය කැල ගසකින් පොතුද අරගෙනලිල්කර කොටා මිරිකා ඉස්මත් රුගෙනනෙල්ලි මුළුත් අබ දෙසඳුන් සමවගෙනවැල් මී ඉඟිනිඇට අඹරා සොඳගෙන

80

කනමෙයා පැනි වක්කර පැසවන්නේපෙනපදමට බාලාගෙන ගාපන්නේඇස්ලෙඩ තුන් සියවිස්සම වත්ද[?]ගුනවෙයි කිව් රුසිවරයෝ දැනගන්නේ

ඇස ඇඳිරි මල් පටලාදියට,

81

තිපළුත් වැල්මී සඳුනුත් ගන්නේඅගිලුත් සිඹව කපුරුත් ගන්නේකුරුඳුත් මුල් බෙදුරු අලගන්නේකුමරිත් එලමුත්‍රා සමගින්නේ

82

තම්බා අඹරමින් පැසවා ගාපන්නේරතසුදු බිබිලි මල්පටලද දැනගන්නේකඳුළු ඇඳිරි නිලකාංචිදළු[?]මෙකී සියළු ඇස්ලෙඩ දුරුවෙයි දන්නේ

උල්වාරං ඉළුක් පටලාදියට.

83

මැඩගත් කෙතකි යුස නිසිලෙස ගන්නේතිපළුත් සඳුන් දෙක ඉඟිනිදි ඇට ගන්නේඅබිනුත් රා සමකරලා අඹරන්නේයොදලත් පලමු ඉස්මට පැසවා ගන්නේ

84

වටකර ඇස ගෑවොත් ලැබෙනා ගුණ පවසන්නේබියකර වන උල්වාරං සුදරත දුරුවන්නේනොමහැර එන ඉළුක් පටල අමරත් ගුනවෙන්නේතොසකර ඇස් සුවපත්වෙයි රුසිවරු පවසන්නේ

මෙම පාඨය මුල් ස්කෑන් පිටපතෙන් අකුරට අකුර ලියා ඇත — පැරණි අක්ෂර වින්‍යාසය එලෙසම තබා ඇත. පැහැදිලිව කියවිය නොහැකි වචන [?] ලෙස සලකුණු කර ඇත. වැරදි හමුවුවහොත් අපට දන්වන්න.

ඇස් රෝගපටලය

මූලාශ්‍ර

  1. සෙංකඩගල රජවාසල ඇස්වෙද පොත — මුද්‍රිත පිටු 11 (ස්කෑන් PDF පිටු 13)

වෛද්‍ය උපදෙස්: මෙහි ඇති තොරතුරු පාරම්පරික දැනුම සංරක්ෂණය සහ අධ්‍යාපනික අරමුණු සඳහා පමණි — රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. රෝගයකදී, ගැබිනි කාලයේදී, ළමුන් සඳහා හෝ වෙනත් ඖෂධ ගන්නා විට සුදුසුකම් ලත් ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. හදිසි අවස්ථාවකදී 1990 සුවසැරිය අමතන්න.

© 2026 හෙළ වෛද්‍ය පුස්තකාලය · LankaLuxTravel.com — පාරම්පරික දැනුම සංරක්ෂණය හා අධ්‍යාපනය සඳහා.

WhatsApp us — 24/7