Skip to content
Lanka Lux Travel
Plan My Trip
ඇස් රෝග (නේත්‍ර චිකිත්සා)

රත්ඉරි, රත් පටල හා ඇස රතට

📖 මූලාශ්‍රය: සෙංකඩගල රජවාසල ඇස්වෙද පොත

⏳ වෛද්‍ය සමාලෝචනයට පෙර — මෙම ලිපිය ලියාපදිංචි ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකු විසින් තවම පරීක්ෂා කර නැත. පහත මූලාශ්‍ර බලන්න.

ඇසේ රතු ඉරි, රත් පටල හා රත සඳහා කවි.

📜 පැරණි පොතේ මුල් පාඨය (අකුරු පිටපත) මුද්‍රිත පිටු 6–7 ස්කෑන් පිටු 8–9 අංක 39–49

!කියවීමට පෙර

  • මෙය ඓතිහාසික පාඨයක් පමණි — ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. මෙහි ඇති වට්ටෝරු නූතන වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂා කර නැත; ස්වයං ප්‍රතිකාර සඳහා භාවිතා නොකරන්න.
  • කිසිම බෙහෙතක්, කුඩුවක්, යුෂයක් හෝ අඳුනක් වෛද්‍යවරයෙකුගේ උපදෙසකින් තොරව ඇසට දමන්න එපා — ආසාදන, කෝනියා තුවාල සහ අන්ධභාවය ඇතිවිය හැක. ඇසේ වේදනාව, රතුවීම හෝ පෙනීම අඩුවීමකදී ඉක්මනින් ඇස් වෛද්‍යවරයෙකු හමුවන්න.

රත්ඉරි රත් පටලාදියට

39

අරළු සඳුන් එකපමණටම ඇරගනමීපැනි සමග බත්දමලින්[?] අඹරමිනඅඳුන ලෙසට ඇසපිට ගෑවොත් සොඳිනරත්ඉරි රත්පටල දුරුවෙයි තොදින්කින[?]

ඇස රතට.

40

ඉඟිනි ඇටත් රත්සඳුනුත් සමවගෙනඅරළු දෙළුම් මල් උප්පැනිත් අරගනඅඹරා පුරවල්ලියම ඇසවට ගාපු තැනසියලුම රත ගුණවෙයි රුසිවරු වදන

41

අරළු ඉඟිනි ඇටඉරමුසුද මුල්ගෙනරතුනිතිය වෙනිවැල් ගැටත් ඇරගෙනඅඹරා රත්මල් ඉස්මට යොදාගනපැසවා ගානු රත දුරුවේය විගසින

42

රත් සඳුනුත් රත්නිතිය කොලගන්නේරත් තම්පලා සිවන්ගුරුත් සමගින්නේරත් මල් දලුද මල්රසකිඳ ඇරගන්නේරත් එනුද දෙලුම් මලුත් ගනිමින්නේ

43

මීපැනියෙන් අඹරාගෙන ගාපන්නේරත්පටලද රත්ඉර්රත දුරුවන්නේතැළුම්තුවාලෙන් එනරදත් දුරුවන්නේ[?]රුසිවරුකී අත්දුටු බෙහෙත[?] දැනගන්නේ

44

රත්මල් කැකුළු ඇළකදලිය පත අකුලාබත් හැලියේ ලා තම්බා ගෙන හුමාලා[?]නිවුනු කලට මීපැනියෙන් එලනු බලාරතු ඉරිසෙයි තුංවරුවට දනු එකලා

45

රතුනිතිසදළු නෙලුම් මල්ද ගෙනමීපැනිසහ තලමින් වක්කරගෙනසියළුම රත විදුලියමෙන් නැතිවෙනරත් සඳුනුත් රතුනිතිය දළුගෙන

46

දෙළුම් මලුත් සුදුකුරද සමගින්නේතලලා මීයෙන් ඇසවක්කරමින්නේසියළු රතත් රතුපටලත් දුරුවන්නේනොකියා තනා දෙනු රහසකි දැනගන්නේ

47

රතු එනුත් එනසල් සපමින් කටලාඇස ඇතුලට තුන්වරුවක් පිඹිනු බලාසිය එමරත ඉසිරීළුයි පසුනොබලාරජ වාසල වෙදකම ඉසි කිවිය බලා

48

රත් මල්සපා ඇසඇතුලට පිඹපන්නේරත සුද ඉදිමුන්ද ගුණවෙයි දැනගන්නේරුසිවරු කිව් බසුය මෙසැටි කරපන්නේරත් සඳුනුත් මීපැනි ඇසතුල ලන්නේ

49

කොබ්බෑදළු රතුඑනුද ඇරගන්නේරත්මල් සමග තලලා ඇසතුල ලන්නේරත ඉදිමුන් රත් පටලද දුරුවන්නේමෙසේ කරනු සිත බියනොව සතොසින්නේ

මෙම පාඨය මුල් ස්කෑන් පිටපතෙන් අකුරට අකුර ලියා ඇත — පැරණි අක්ෂර වින්‍යාසය එලෙසම තබා ඇත. පැහැදිලිව කියවිය නොහැකි වචන [?] ලෙස සලකුණු කර ඇත. වැරදි හමුවුවහොත් අපට දන්වන්න.

ඇස් රතුවීමඇස් රෝගපටලය

මූලාශ්‍ර

  1. සෙංකඩගල රජවාසල ඇස්වෙද පොත — මුද්‍රිත පිටු 6–7 (ස්කෑන් PDF පිටු 8–9)

වෛද්‍ය උපදෙස්: මෙහි ඇති තොරතුරු පාරම්පරික දැනුම සංරක්ෂණය සහ අධ්‍යාපනික අරමුණු සඳහා පමණි — රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. රෝගයකදී, ගැබිනි කාලයේදී, ළමුන් සඳහා හෝ වෙනත් ඖෂධ ගන්නා විට සුදුසුකම් ලත් ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. හදිසි අවස්ථාවකදී 1990 සුවසැරිය අමතන්න.

© 2026 හෙළ වෛද්‍ය පුස්තකාලය · LankaLuxTravel.com — පාරම්පරික දැනුම සංරක්ෂණය හා අධ්‍යාපනය සඳහා.

WhatsApp us — 24/7