Skip to content
Lanka Lux Travel
Plan My Trip
ඇස් රෝග (නේත්‍ර චිකිත්සා)

ඇසේ සුදට

📖 මූලාශ්‍රය: සෙංකඩගල රජවාසල ඇස්වෙද පොත

⏳ වෛද්‍ය සමාලෝචනයට පෙර — මෙම ලිපිය ලියාපදිංචි ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකු විසින් තවම පරීක්ෂා කර නැත. පහත මූලාශ්‍ර බලන්න.

ඇසේ සුද (සුදු පටල) ගැලවීමට පොතේ දක්වා ඇති කවි.

📜 පැරණි පොතේ මුල් පාඨය (අකුරු පිටපත) මුද්‍රිත පිටු 7–9 ස්කෑන් පිටු 9–11 අංක 50–65

!කියවීමට පෙර

  • මෙය ඓතිහාසික පාඨයක් පමණි — ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. මෙහි ඇති වට්ටෝරු නූතන වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂා කර නැත; ස්වයං ප්‍රතිකාර සඳහා භාවිතා නොකරන්න.
  • කිසිම බෙහෙතක්, කුඩුවක්, යුෂයක් හෝ අඳුනක් වෛද්‍යවරයෙකුගේ උපදෙසකින් තොරව ඇසට දමන්න එපා — ආසාදන, කෝනියා තුවාල සහ අන්ධභාවය ඇතිවිය හැක. ඇසේ වේදනාව, රතුවීම හෝ පෙනීම අඩුවීමකදී ඉක්මනින් ඇස් වෛද්‍යවරයෙකු හමුවන්න.

ඇසේ සුදට.

50

අරළු සුදු සඳුන් සුදුළූනු ඇරගෙනතනකිරි සමග අඹර ඇසගාපු තැනසුද කැපේය ඉසිවරයෝ කිව්වදනබුස්සරණ සුදුකොල ගිතෙලින් බදින

51

වැටකේ බොඩ සුදුසදුනුත් ගිතෙල් ගෙනඅඤ්ජන කැට තනකිරිගෙන අඹරමිනඇසවට ගානු පුරවල්ලියම මෙලෙසිනසියළු සුදත් කැපේය රුසි කිව්ය දන

52

තිපල් වැල්මීද සුදුසදුන් ඇරගෙනසහිඳළුනුත් සියඹලාද ඇටරුගෙනමෝරු සමග අඹර ඇසගාපුතැනසියළු සුදත් කැපේය දැනගන් සොඳින

53

තිපල් දෙසඳුන්ද වැල්මී ඇරගන්නේදේවදාර ඉරිවේරිය සමගින්නේකලාදුරුද කොසඹදළුත් ඇරගන්නේඑලකිරි සහ තම්බාලා ගනිමින්නේ

54

අඹර රුගෙණ ඇස වටකරගාපන්නේසුද සහ සුදු පටල සුදු ඉරි දුරුවන්නේරුජා කබකඳුළු මස්දළු නැතිවන්නේමෙකී සියළු රෝගද දුරුවීයන්නේ

55

තිපල් සඳුන් පොල්පලාද සමගින්නේකොසඹත් ගෙඳපලා සුදුළූනුත් ගන්නේඑලකිරිලා තම්බා අඹර ගන්නේසියලු සුදත් කැපේය රුසිබස දන්නේ

56

දෙසඳුන් කුරුඳුපොතු ඉනතෑ කූරු සොඳඇත්දත් මිංඇටත් කබලෙන් මදක් බැදමීයෙන් අඹරමින් ඇස් වට ගාපු සදමොර ලොදසේ ගැලවෙයි ඇසෙහිවූ සුද

57

ඇත් දත් කුඩුත් පල්මානික්කත් රුගෙනසුදුළූනුත් මණ්ඩාපිට බැද රුගෙනගිතෙලින් අඹරමින් ඇසතුල ගාපු තැනසියළු සුදත් කැපේය අත්දුටු වදන

58

කිරි කවඩිද පල්මානික්කා රුගෙනසුදුළූනුත් ඇත් දත් කුඩු සමව ගෙනමණ්ඩා පිට ගිතෙලින් බැද අඹරමිනගෑකල සුද ඉගිලෙයි මොරලොද ලෙසින

59

සක්නැබ ඉඟිනි ඇටසක්සුනු ඇරගන්නේකොසඹ කොලත් පොල්පලාද සමගින්නේකොබ්බෑදළු කඳුරුකිරෙන් අඹරන්නේගෑ කල ඇසේ සුදගැලවෙයි දැනගන්නේ

60

කඳුරු පැලෙඹි කිරි එක්කරලා ගන්නේකපුරුල් යොද ඇස ඇතුලත තබමින්නේතුන් වරුවක් මෙලෙස කලකලද[?]සුද කැපේය රුසිවරු කිව්වා දන්නේ

61

මහබසු මිරිස් අබසුදුදුරු ඇරගන්නේසපා ඇසට පිඹිබෝතින් දැන ගන්නේකැක්කුං රුද සහ සුදදුරුවී යන්නේපිතක රෝසන සපලා පිඹපන්නේ

62

සකුරු ඉල්ල පොල්පලාද දළුරුගෙනාඑල තඹුරුද කොබ්බෑ දළු සමවගෙනාකහ සමගින් ගිතෙලින් මලවා රුගෙනාබඳිනු ඇසේ සුදගැලවී වැටෙයි දැනා

63

සිරුස්සදපළු වදකහ අරගන්නේකළුළුඇට කුඩුකරලා ගනිමින්නේතලතෙල් ගෙන මලවා ඇස බඳින්නේසුද කැපේය වෙදුනේ පිට නොකියන්නේ

64

වැටකෙයා බොඩ තලලා අර ගන්නේමීපැනියෙන් ඇස ඇතුලට එලමින්නේසුදකැපේය ඉසිවරු කීවා දන්නේගිතෙලින් මීහර ගලගා ගාපන්නේ

65

පොල්පලාද වදකහ අල අර ගන්නේලසුනු සමග අඹරාලා ගනිමින්නේගිතෙලින් මලවා ඇසපිට ගාපන්නේසුදගැලවී බේතට එයි දැනගන්නේ

මෙම පාඨය මුල් ස්කෑන් පිටපතෙන් අකුරට අකුර ලියා ඇත — පැරණි අක්ෂර වින්‍යාසය එලෙසම තබා ඇත. පැහැදිලිව කියවිය නොහැකි වචන [?] ලෙස සලකුණු කර ඇත. වැරදි හමුවුවහොත් අපට දන්වන්න.

ඇස් රෝගපටලය

මූලාශ්‍ර

  1. සෙංකඩගල රජවාසල ඇස්වෙද පොත — මුද්‍රිත පිටු 7–9 (ස්කෑන් PDF පිටු 9–11)

වෛද්‍ය උපදෙස්: මෙහි ඇති තොරතුරු පාරම්පරික දැනුම සංරක්ෂණය සහ අධ්‍යාපනික අරමුණු සඳහා පමණි — රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. රෝගයකදී, ගැබිනි කාලයේදී, ළමුන් සඳහා හෝ වෙනත් ඖෂධ ගන්නා විට සුදුසුකම් ලත් ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. හදිසි අවස්ථාවකදී 1990 සුවසැරිය අමතන්න.

© 2026 හෙළ වෛද්‍ය පුස්තකාලය · LankaLuxTravel.com — පාරම්පරික දැනුම සංරක්ෂණය හා අධ්‍යාපනය සඳහා.

WhatsApp us — 24/7