Skip to content
Lanka Lux Travel
Plan My Trip
ඇස් රෝග (නේත්‍ර චිකිත්සා)

මස්දළු, රතසුද ඉදිමුම හා ඇසරදට

📖 මූලාශ්‍රය: සෙංකඩගල රජවාසල ඇස්වෙද පොත

⏳ වෛද්‍ය සමාලෝචනයට පෙර — මෙම ලිපිය ලියාපදිංචි ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකු විසින් තවම පරීක්ෂා කර නැත. පහත මූලාශ්‍ර බලන්න.

ඇසේ මස්දළු, රත ඉදිමුම හා ඇසරදයට කවි.

📜 පැරණි පොතේ මුල් පාඨය (අකුරු පිටපත) මුද්‍රිත පිටු 5 ස්කෑන් පිටු 6 අංක 35–38

!කියවීමට පෙර

  • මෙය ඓතිහාසික පාඨයක් පමණි — ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. මෙහි ඇති වට්ටෝරු නූතන වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂා කර නැත; ස්වයං ප්‍රතිකාර සඳහා භාවිතා නොකරන්න.
  • කිසිම බෙහෙතක්, කුඩුවක්, යුෂයක් හෝ අඳුනක් වෛද්‍යවරයෙකුගේ උපදෙසකින් තොරව ඇසට දමන්න එපා — ආසාදන, කෝනියා තුවාල සහ අන්ධභාවය ඇතිවිය හැක. ඇසේ වේදනාව, රතුවීම හෝ පෙනීම අඩුවීමකදී ඉක්මනින් ඇස් වෛද්‍යවරයෙකු හමුවන්න.

මස්දළු ආදියට.

35

තිප්පිලි වැල්මීද දෙසඳුන් සමවගෙණදේවදාර අතිළුඩයන්ද අරගෙණ[?]සහිඳළුනුද සිරිතේක්කු [?] සොඳිණදෙඹං ඇඹුල් යොදමින් තම්[?]ණ

36

අඹරාලා යොදා ඇසපිට ගාපු තැනරතසුද සමග මස්දළුවද වැගිරෙමිනඉදිමුන් රුජා වාසෙම් ඇස්ලෙඩ නසනරුසිවරු කීලෙසට දැන පිළියම් කරන

රතසුද ඉදිමුම් ආදියට.

37

රත් සඳුනුත් තැල් කොලගෙණ සමගින්නේමීපැනියෙන් අඹරාලා ගාපන්නේරතසුද බිබිලි රත්ඉදිමුන් දුරුවන්නේමෙක් රුසිවදන දැනකර සතොසින්නේ

ඇසරදට.

38

රත්හරතැඹිලි මල් අරළුත් අරගන්නේසිවන් ගුරුත් රත්මල් කැකුළුද ගන්නේරංතැඹිලිය දියසමගිව තම්බන්නේඅඹරාගානු රදදුරු වෙයි දැනගන්නේ

මෙම පාඨය මුල් ස්කෑන් පිටපතෙන් අකුරට අකුර ලියා ඇත — පැරණි අක්ෂර වින්‍යාසය එලෙසම තබා ඇත. පැහැදිලිව කියවිය නොහැකි වචන [?] ලෙස සලකුණු කර ඇත. වැරදි හමුවුවහොත් අපට දන්වන්න.

ඇසරදයඇස් රෝග

මූලාශ්‍ර

  1. සෙංකඩගල රජවාසල ඇස්වෙද පොත — මුද්‍රිත පිටු 5 (ස්කෑන් PDF පිටු 6)

වෛද්‍ය උපදෙස්: මෙහි ඇති තොරතුරු පාරම්පරික දැනුම සංරක්ෂණය සහ අධ්‍යාපනික අරමුණු සඳහා පමණි — රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. රෝගයකදී, ගැබිනි කාලයේදී, ළමුන් සඳහා හෝ වෙනත් ඖෂධ ගන්නා විට සුදුසුකම් ලත් ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. හදිසි අවස්ථාවකදී 1990 සුවසැරිය අමතන්න.

© 2026 හෙළ වෛද්‍ය පුස්තකාලය · LankaLuxTravel.com — පාරම්පරික දැනුම සංරක්ෂණය හා අධ්‍යාපනය සඳහා.

WhatsApp us — 24/7