⏳ වෛද්‍ය සමාලෝචනයට පෙර — මෙම ලිපිය ලියාපදිංචි ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකු විසින් තවම පරීක්ෂා කර නැත. පහත මූලාශ්‍ර බලන්න.
වාතය හා සෙම එක්ව උපන් ඇස් ලෙඩේ ලක්ෂණ හා බෙහෙත්.
!කියවීමට පෙර
- මෙය ඓතිහාසික පාඨයක් පමණි — ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. මෙහි ඇති වට්ටෝරු නූතන වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂා කර නැත; ස්වයං ප්‍රතිකාර සඳහා භාවිතා නොකරන්න.
- කිසිම බෙහෙතක්, කුඩුවක්, යුෂයක් හෝ අඳුනක් වෛද්‍යවරයෙකුගේ උපදෙසකින් තොරව ඇසට දමන්න එපා — ආසාදන, කෝනියා තුවාල සහ අන්ධභාවය ඇතිවිය හැක. ඇසේ වේදනාව, රතුවීම හෝ පෙනීම අඩුවීමකදී ඉක්මනින් ඇස් වෛද්‍යවරයෙකු හමුවන්න.
වාසෙම් ලක්ෂණ.
වාසෙම් ඇස්ලෙඩට රුසිවරු පවසන්නේකළුසුදු මැසිද කළුසුදුදෑ පෙනෙන්නේකැක්කුම් කැසුම් රුජාද ඉදිමුන් වන්නේකළු සුදු බිබිලි කළුසුදු ඉරි පෙනෙන්නේ
සෙම්කාංචි මල් පටලද දැනගන්නේඋදය රුජා සවසට කැක්කුම් වන්නේකළු සුදු ගිනිදළුද ලක්ෂණ පෙනෙන්නේලකුණු මෙලෙසයි සෙම් වාතෙට දන්නේ
ඊට බෙහෙත්.
මහබසු තිපළුත් දෙසදුන් ගන්නේසව්දළුනුත් යවකාරම් ගන්නේදේවදාර වැල්මී ඇර ගන්නේදෙඹැඹුල් ගෙණ පැසවා ගාපන්නේ
වාසෙම් ඇස්ලෙඩ දුරුවෙයි[?]තිපල්ද දෙසදුන් වැල්මී ගන්නේඉඟුරු මිරිස් බේදුරු අල ගන්නේඑලකිරි සහ මානෙල් අල[?]
අඹර ඇසවටකර ගාපන්නේවාසෙම් ඇස්ලෙඩ ගුණවෙයි දන්නේදේවදාර කොට්ටං ඇරගන්නේසව්දත් යවකර ලුනු සමගින්නේ
එලගිතෙලුත් යොදමින් අඹරපන්නේරතසුද කඳුළු වැගිරි එන ලෙඩ දන්නේඉදිමුන් රුද කැක්කුම් සැම නැතිවන්නේවාතෙන් එන ඇස්ලෙඩ දුරුවෙයි දන්නේ
මෙම පාඨය මුල් ස්කෑන් පිටපතෙන් අකුරට අකුර ලියා ඇත — පැරණි අක්ෂර වින්‍යාසය එලෙසම තබා ඇත. පැහැදිලිව කියවිය නොහැකි වචන [?] ලෙස සලකුණු කර ඇත. වැරදි හමුවුවහොත් අපට දන්වන්න.
මූලාශ්‍ර
- සෙංකඩගල රජවාසල ඇස්වෙද පොත — මුද්‍රිත පිටු 4–5 (ස්කෑන් PDF පිටු 5–6)
වෛද්‍ය උපදෙස්: මෙහි ඇති තොරතුරු පාරම්පරික දැනුම සංරක්ෂණය සහ අධ්‍යාපනික අරමුණු සඳහා පමණි — රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. රෝගයකදී, ගැබිනි කාලයේදී, ළමුන් සඳහා හෝ වෙනත් ඖෂධ ගන්නා විට සුදුසුකම් ලත් ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. හදිසි අවස්ථාවකදී 1990 සුවසැරිය අමතන්න.