ඇසේ සියලු ලෙඩට පළකරල් සහ පත්තුව
📖 මූලාශ්රය: අක්ෂියෝග සිතුමිණ (ඇස් වෙද පොත)
⏳ වෛද්ය සමාලෝචනයට පෙර — මෙම ලිපිය ලියාපදිංචි ආයුර්වේද / දේශීය වෛද්යවරයෙකු විසින් තවම පරීක්ෂා කර නැත. පහත මූලාශ්ර බලන්න.
ඇසේ සියලු ලෙඩට පළකරල් සහ පත්තුව ගැන කවි.
!කියවීමට පෙර
- මෙය ඓතිහාසික පාඨයක් පමණි — ප්රතිකාර නිර්දේශයක් නොවේ. මෙහි ඇති වට්ටෝරු නූතන වෛද්ය විද්යාත්මකව පරීක්ෂා කර නැත; ස්වයං ප්රතිකාර සඳහා භාවිතා නොකරන්න.
- කිසිම බෙහෙතක්, කුඩුවක්, යුෂයක් හෝ අඳුනක් වෛද්යවරයෙකුගේ උපදෙසකින් තොරව ඇසට දමන්න එපා — ආසාදන, කෝනියා තුවාල සහ අන්ධභාවය ඇතිවිය හැක. ඇසේ වේදනාව, රතුවීම හෝ පෙනීම අඩුවීමකදී ඉක්මනින් ඇස් වෛද්යවරයෙකු හමුවන්න.
- තුත්තත් (කොපර් සල්ෆේට්) — විෂ සහිතයි; ඇසට දැමීමෙන් පිළිස්සුම් සහ අන්ධභාවය ඇතිවිය හැක.
- හිඟුල් / ගිඟු (සිනබාර් — රසදිය සංයෝගයකි) — විෂ සහිතයි.
- මිනිස් ඇටකටු / කබල් වැනි ද්රව්ය — ඓතිහාසික සඳහනක් පමණි; ආසාදන අවදානම් සහ නීතිමය ගැටලු ඇත.
25 ඇසේ සියලු ලෙඩට පළකරල්
සව්දව තුත්තං එල්බිජු මිරිසැට පළිඟු මුදුපෙන සුද්ද ගිඟුවම්මුතු සන්නැබ කොට්ටං ලාකඩ සඳුං කසාබිජු පොතුද නකුල්සුරාදර ඉඟිනැට අමුනුරජන කළුතල නදමිනි මිනිස්කබල්ලොත්සුඹුළුද සහ මෙම ඔසු සමකර අඹරණ කල අනුපාන තුමූ
එළුකිරි සාරත මුගුනුවැන්න තිකිරිදූය යුස සහ කොලතඹරත්මෙම ඔසු දිනොසුව පළකර පවනේ වියලා රැකගෙන ඇසගෑවොසුද රත කබපොල කඳුළු ඇඳිරිමල පටලතාවරැදි රිදි අමිරත්දුරුකර යුගනොත ඉඳුනිල්පැහැසර බබලන බවදැනබසබොරුනැ
26 ඊටම පත්තුව
සිනිඹලා බොරද කොරකසා අසල නිබනොලේවෙනිවැල් කහ දෙමට මුල් ගෙඩි දෙසිඇඹුලේපැනිලෙස සිදු තිපල් තුසිරිද ලා එකලේපනු දෙස ඇස ගැවොත් දුරුවෙය මලේ
මෙම පාඨය මුල් ස්කෑන් පිටපතෙන් අකුරට අකුර ලියා ඇත — පැරණි අක්ෂර වින්යාසය එලෙසම තබා ඇත. වැරදි හමුවුවහොත් අපට දන්වන්න.
මූලාශ්ර
- අක්ෂියෝග සිතුමිණ (ඇස් වෙද පොත) — මුද්රිත පිටු 12 (ස්කෑන් PDF පිටු 13)
වෛද්ය උපදෙස්: මෙහි ඇති තොරතුරු පාරම්පරික දැනුම සංරක්ෂණය සහ අධ්යාපනික අරමුණු සඳහා පමණි — රෝග විනිශ්චයක් හෝ ප්රතිකාර නිර්දේශයක් නොවේ. රෝගයකදී, ගැබිනි කාලයේදී, ළමුන් සඳහා හෝ වෙනත් ඖෂධ ගන්නා විට සුදුසුකම් ලත් ආයුර්වේද / දේශීය වෛද්යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. හදිසි අවස්ථාවකදී 1990 සුවසැරිය අමතන්න.