Skip to content
Lanka Lux Travel
Plan My Trip
ඇස් රෝග (නේත්‍ර චිකිත්සා)

ඇස් රුජාව — ලකුණු, පිඹීම, තැවීම හා පුරවලි

📖 මූලාශ්‍රය: අක්ෂියෝග සිතුමිණ (ඇස් වෙද පොත)

⏳ වෛද්‍ය සමාලෝචනයට පෙර — මෙම ලිපිය ලියාපදිංචි ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකු විසින් තවම පරීක්ෂා කර නැත. පහත මූලාශ්‍ර බලන්න.

ඇස් රුජාවේ ලකුණු සහ පිඹීම, තැවීම හා පුරවලි ගෑම ගැන පොතේ ක්‍රම.

📜 පැරණි පොතේ මුල් පාඨය (අකුරු පිටපත) මුද්‍රිත පිටු 12–13 ස්කෑන් පිටු 13–14

!කියවීමට පෙර

  • මෙය ඓතිහාසික පාඨයක් පමණි — ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. මෙහි ඇති වට්ටෝරු නූතන වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂා කර නැත; ස්වයං ප්‍රතිකාර සඳහා භාවිතා නොකරන්න.
  • කිසිම බෙහෙතක්, කුඩුවක්, යුෂයක් හෝ අඳුනක් වෛද්‍යවරයෙකුගේ උපදෙසකින් තොරව ඇසට දමන්න එපා — ආසාදන, කෝනියා තුවාල සහ අන්ධභාවය ඇතිවිය හැක. ඇසේ වේදනාව, රතුවීම හෝ පෙනීම අඩුවීමකදී ඉක්මනින් ඇස් වෛද්‍යවරයෙකු හමුවන්න.

27 ඇස් රූජාවට ලකුණු

ඇස රතුව අකුරනැගි කඳුළු වැස ඉදිම දැහ ඇතිවීනම් ඇස් රූජාව වේ,

ඊට පිඹීමට

බෝමුලත් මිරිසැට දෙක කුත් එක්ව සපා ඇසට පිඹින්නේයි ඇස්රූජා ගුණවේ.

28 ඊටම තැවීමට

සිනිඹලා ඇට, අබ, තල, කසා, එනුලා කොටා එඬරුඇට සකුරු සමභාගව ගෙණ පොට්ටනි බැඳ කබල උනුගන්වා තවන්නේයි. ඇසරද ගුණවේ,

29 ඊටම පුරවලියක්

අත්තනමුල්, කබරෙස්සා මුල්, තිබ්බටුමුල්, අරළු, මෙකී දේ උරවච්කර [?] උදලුනැවිල්ලේ කකාරවා අතපොවන උනුසුමෙන් පුරවලියත් ගාන්නේයි, රත ඉදිමුත් කඳුළු නැතිවේ

30 ඊටම පුරවලියක්

කොහොඹ කොල, ඉඟිනිඇට, කෝමාරිකා, මේවා අඹරා මීපැනියෙන් අනා පුරවලියත් ගාන්නේය ගුණවේ,

31 ඊටම තැවීමක්

වැල්මී, ඉඟිනිඇට, කොසඹකොල, මුගුනුවැන්න මුල්, කෝමාරිකා අමුකපූරු, තනකිරෙන් අඹරා රෙද්දක ගා ඇසපිට ගා තවන්නේයි, අකුර කෝප්ම රත ගුණවේ,

32 ඇස රතට පුරවලියම

අරළු, එළබටුමුල්, තිබ්බටුමුල්, පිඟංකටු [?], ගොඩමානෙල්, සියඹලා කොල මල් සැබෝ, මෙකී කොල යුසයෙන් බෙහෙත් අඹරා දෙසිඇඹුල් වත්කොට උදලුපිට කකාරවා සටා පුරවලියත් ගාන්නේයි, ඇසරූජා ඉදිමුත් මේ හැම ගුණවේ,

මෙම පාඨය මුල් ස්කෑන් පිටපතෙන් අකුරට අකුර ලියා ඇත — පැරණි අක්ෂර වින්‍යාසය එලෙසම තබා ඇත. පැහැදිලිව කියවිය නොහැකි වචන [?] ලෙස සලකුණු කර ඇත. වැරදි හමුවුවහොත් අපට දන්වන්න.

ඇස් රතුවීමඇස් රෝග

මූලාශ්‍ර

  1. අක්ෂියෝග සිතුමිණ (ඇස් වෙද පොත) — මුද්‍රිත පිටු 12–13 (ස්කෑන් PDF පිටු 13–14)

වෛද්‍ය උපදෙස්: මෙහි ඇති තොරතුරු පාරම්පරික දැනුම සංරක්ෂණය සහ අධ්‍යාපනික අරමුණු සඳහා පමණි — රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. රෝගයකදී, ගැබිනි කාලයේදී, ළමුන් සඳහා හෝ වෙනත් ඖෂධ ගන්නා විට සුදුසුකම් ලත් ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. හදිසි අවස්ථාවකදී 1990 සුවසැරිය අමතන්න.

© 2026 හෙළ වෛද්‍ය පුස්තකාලය · LankaLuxTravel.com — පාරම්පරික දැනුම සංරක්ෂණය හා අධ්‍යාපනය සඳහා.

WhatsApp us — 24/7