Skip to content
Lanka Lux Travel
Plan My Trip
ඇස් රෝග (නේත්‍ර චිකිත්සා)

ඇසේ උපන් පනුවන්ට (පද්‍ය)

📖 මූලාශ්‍රය: අක්ෂියෝග සිතුමිණ (ඇස් වෙද පොත)

⏳ වෛද්‍ය සමාලෝචනයට පෙර — මෙම ලිපිය ලියාපදිංචි ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකු විසින් තවම පරීක්ෂා කර නැත. පහත මූලාශ්‍ර බලන්න.

ඇසේ පනුවන්ට හා ඇඳිරි, කාච ආදියට පොතේ කවි.

📜 පැරණි පොතේ මුල් පාඨය (අකුරු පිටපත) මුද්‍රිත පිටු 11–12 ස්කෑන් පිටු 12–13 අංක 26–29

!කියවීමට පෙර

  • මෙය ඓතිහාසික පාඨයක් පමණි — ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. මෙහි ඇති වට්ටෝරු නූතන වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂා කර නැත; ස්වයං ප්‍රතිකාර සඳහා භාවිතා නොකරන්න.
  • කිසිම බෙහෙතක්, කුඩුවක්, යුෂයක් හෝ අඳුනක් වෛද්‍යවරයෙකුගේ උපදෙසකින් තොරව ඇසට දමන්න එපා — ආසාදන, කෝනියා තුවාල සහ අන්ධභාවය ඇතිවිය හැක. ඇසේ වේදනාව, රතුවීම හෝ පෙනීම අඩුවීමකදී ඉක්මනින් ඇස් වෛද්‍යවරයෙකු හමුවන්න.
  • තුත්තත් (කොපර් සල්ෆේට්) — විෂ සහිතයි; ඇසට දැමීමෙන් පිළිස්සුම් සහ අන්ධභාවය ඇතිවිය හැක.

ඇසේ උපන් පනුවන්ට බේත්

26

මුගුනුවැන්න වැල්මී තනකිරි වටලා පිට ඇසලාඊමතුපිට එලගිතෙලෙන් කඩස් තෙමාලා ගෙලලාඇසෙහි උපන් පනුවන් එකනෙහි බලලා දුර දමලාඊට කරණ බේත් නැවත අස වියතුනී නොමුලා

27

මීහර වතු වැල් උසීර සඳුන් මුගුනුවැන්න තිපල්වැල්මී සහ මුල්ද කූර සමව කිරා රැගෙණ නිමල්කසපැන් දිය සතරක් ගෙණ යොදාමීට මෙ ඔසු ලකල්සතර එකට සිටි කල එම පෙණ රැගෙණ තබා සියල්

28

සව්දත් තිකුළුත් දුවා පිතකරෝසනමු කපූරුරසඳු නිගිනි අන්ජනා ටම තඹ තත්සුනු එසිවත්ගුරුසිදු පෙන තුත්තත් මේ හැම උවමිත් ලා කසාය පෙරුඅඳුනසෙ වෙග තුරු කකාරා ලෝ බඳුනක ලා මගරු

29

ඇඳිරිකාචමල සුද බිදු රත්තරාජීකබ කඳුළුරතිකෙලි වැසතෙත් පැමුනුනු ඇස උවදුරු හැර නොමිත්නිති ඇස ලෙඩ හැම දුරලන නාලිකේර නම් දුම්රුතිලෙස අදහා පව්තුව පොරනැදුරත් බල පසු

මෙම පාඨය මුල් ස්කෑන් පිටපතෙන් අකුරට අකුර ලියා ඇත — පැරණි අක්ෂර වින්‍යාසය එලෙසම තබා ඇත. වැරදි හමුවුවහොත් අපට දන්වන්න.

ඇසේ පනුවන්ඇස් රෝග

මූලාශ්‍ර

  1. අක්ෂියෝග සිතුමිණ (ඇස් වෙද පොත) — මුද්‍රිත පිටු 11–12 (ස්කෑන් PDF පිටු 12–13)

වෛද්‍ය උපදෙස්: මෙහි ඇති තොරතුරු පාරම්පරික දැනුම සංරක්ෂණය සහ අධ්‍යාපනික අරමුණු සඳහා පමණි — රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. රෝගයකදී, ගැබිනි කාලයේදී, ළමුන් සඳහා හෝ වෙනත් ඖෂධ ගන්නා විට සුදුසුකම් ලත් ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. හදිසි අවස්ථාවකදී 1990 සුවසැරිය අමතන්න.

© 2026 හෙළ වෛද්‍ය පුස්තකාලය · LankaLuxTravel.com — පාරම්පරික දැනුම සංරක්ෂණය හා අධ්‍යාපනය සඳහා.

WhatsApp us — 24/7