⏳ වෛද්‍ය සමාලෝචනයට පෙර — මෙම ලිපිය ලියාපදිංචි ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකු විසින් තවම පරීක්ෂා කර නැත. පහත මූලාශ්‍ර බලන්න.
නවපටල ගුලිය හා රත්නාදිය ගුලිය ගැන කවි.
!කියවීමට පෙර
- මෙය ඓතිහාසික පාඨයක් පමණි — ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. මෙහි ඇති වට්ටෝරු නූතන වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂා කර නැත; ස්වයං ප්‍රතිකාර සඳහා භාවිතා නොකරන්න.
- කිසිම බෙහෙතක්, කුඩුවක්, යුෂයක් හෝ අඳුනක් වෛද්‍යවරයෙකුගේ උපදෙසකින් තොරව ඇසට දමන්න එපා — ආසාදන, කෝනියා තුවාල සහ අන්ධභාවය ඇතිවිය හැක. ඇසේ වේදනාව, රතුවීම හෝ පෙනීම අඩුවීමකදී ඉක්මනින් ඇස් වෛද්‍යවරයෙකු හමුවන්න.
නවපටල ගුලිය.
පල්මානික්කන් පිතකරෝසන කිකිලිබිජුද කටු අරගන්නේදෙකසා සහිතව සමබාගව ගෙණ මිරිස් මෙසැම බර කිරමින්නේගලට දමා දෙහිඇඹුලෙන් අඹර ගුලිකර පවනේ වියලන්නේසියළුම ඇස්ලෙඩ දුරුවෙයි ඇල්දියරෙන් ගලගා ඇසගාපන්නේ
අඳුරුත් කැසුමද රතසුද බිබිලිත් රැකනබව දුරුවී යන්නේනවසයක් පටලද කඳුළුත් වැටීම රිදුන් කෙවුන් නැතිවෙයි දන්නේනොයෙකුත් ඇස්ලෙඩ දුරුවෙයි ගාපං තනාකිරි සමගින් සතොසින්යහපත් නවපටලය නම් ගුලියයි දැනගන් රුසිකී ස මෙලෙසින්නේ
රත්නාදිය ගුලිය.
තිපල් සඳුන්දෙක වැල්මී සමගින් අගිළුත් කොට්ටං අරගන්නේඑගල් නාගරසහ සහිඳ එනුද කිරිකවඩිද කුළුපස අරගන්නේගුගුල් ද[?] සිලෙසවූ මුදුපෙනෙද සො[?] සිරියල් සමගිව ගනිමින්සුදුල් පිච්චමල් දෙළුම්මල්[?] සිවංගුරුද සමගිව ගන්නේ
මෙහැම සමබාගව ගෙන දවසක් එලකිරි සමගිව අඹරන්නේසිනිද මීපැනියෙන් දිනයක් සහ ගිතෙලින් දවසක් අඹරන්නේපලුලෙස ගුලිකර පවනේ වියලා කරඬුවතුල ලා තබමින්නේදෙසිඇඹුලෙන් ගලගාලා ඇසතුල ගෑකල ගුනමතු පවසන්නේ
සුදරත ඉදිමුන් මල්මුදු නැගුමද ඇසේ රතද දුරුවීයන්නේදුඹරද සමගින් නවසිය අහසක් ඇසේ රෝග දුරුවීයන්නේ[?]පෙර රුසිවරු සතහට මෙත්කොට කිවු නවරත්නය ගුලියකිදන්ඇදුරෙනි රත්නාදිස නම ගුලියයි දැනකෙරුවෝතින් සැපවන්
මෙම පාඨය මුල් ස්කෑන් පිටපතෙන් අකුරට අකුර ලියා ඇත — පැරණි අක්ෂර වින්‍යාසය එලෙසම තබා ඇත. පැහැදිලිව කියවිය නොහැකි වචන [?] ලෙස සලකුණු කර ඇත. වැරදි හමුවුවහොත් අපට දන්වන්න.
මූලාශ්‍ර
- සෙංකඩගල රජවාසල ඇස්වෙද පොත — මුද්‍රිත පිටු 17–18 (ස්කෑන් PDF පිටු 19–20)
වෛද්‍ය උපදෙස්: මෙහි ඇති තොරතුරු පාරම්පරික දැනුම සංරක්ෂණය සහ අධ්‍යාපනික අරමුණු සඳහා පමණි — රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. රෝගයකදී, ගැබිනි කාලයේදී, ළමුන් සඳහා හෝ වෙනත් ඖෂධ ගන්නා විට සුදුසුකම් ලත් ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. හදිසි අවස්ථාවකදී 1990 සුවසැරිය අමතන්න.