Skip to content
Lanka Lux Travel
Plan My Trip
ගැබිනි හා ප්‍රසූති චිකිත්සා

ප්‍රසූතයට බෙහෙත් (පද්‍ය)

📖 මූලාශ්‍රය: අක්ෂියෝග සිතුමිණ (ඇස් වෙද පොත)

⏳ වෛද්‍ය සමාලෝචනයට පෙර — මෙම ලිපිය ලියාපදිංචි ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකු විසින් තවම පරීක්ෂා කර නැත. පහත මූලාශ්‍ර බලන්න.

ප්‍රසූතය පහසු කිරීම, ඉස් ගැල්වීම, බඩ මළ කුණ වැටීම, දුම හා විලි වැඩිවීමට කැඳ ගැන කවි.

📜 පැරණි පොතේ මුල් පාඨය (අකුරු පිටපත) මුද්‍රිත පිටු 2–3 ස්කෑන් පිටු 3–4 අංක 12–19

!කියවීමට පෙර

  • මෙය ඓතිහාසික පාඨයක් පමණි — ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. මෙහි ඇති වට්ටෝරු නූතන වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂා කර නැත; ස්වයං ප්‍රතිකාර සඳහා භාවිතා නොකරන්න.
  • ගැබිනි කාලයේ, දරු ප්‍රසූතියේදී හෝ ගබ්සාවකදී මෙහි ඇති කිසිවක් භාවිතා කරන්න එපා. ලේ ගැලීම, දැඩි වේදනාව, දරුවා සෙලවීම අඩුවීම හෝ ප්‍රසව වේදනාවකදී වහාම රෝහලට යන්න / 1990 අමතන්න.
  • නියඟලා / නියගලා (Gloriosa superba) — දැඩි විෂ සහිතයි; ගිලීමෙන් මරණය පවා සිදුවිය හැක.

ප්‍රසූතයට බෙහෙත්

12

රුජාවෙනෙණ බඩ වේලි තිබෙනත්එලගුත්කිරි උක්පැනිද තැඹිලි පැත්මෙතුන්වගේ ගෙණ කලත පොවාපත්යහපත් ලෙස දරු බිහිවෙයි දැනගත්

13

තවම බිහිනොවී දරුගැබ සිටියොතිනඒ පැනියෙන් ඇඹරූ මී පොතු රැගෙනපොවාපන් විගස මේලෙස දැන ඇදිනබොරුනැත සැබව බිහිවෙයි දරු නියතගෙන

ඊට ඉස්ගැල්වීම.

14

ඉස්ගැණ සිටිනම් දරුවත් අස ඊවබක්මී මුලක් උක්පැනියෙන් ඇඹරූ ඒවඉස්මුදුනේ ගැවගොත් මේ කී විලසවනිරතොව කියම් ඉස්ගැණ නොසිටී එව

15

බෝකර බඩ රිදෙද විලි සෙල්ලුන් නැති ලෙස්නාහාබෙටි නියගලා අල මීපැනි රැගෙනාඅඹරා පෙකනියද යටිපතුලෙ ගෑ තැනාමේ ලෙස දැන කලොත් තද විලි වේය දැනා

බඩ මළ කුණ වැටෙන්ට ආලේප

16

නියගලා අල හෝ වන් ඇපැල මූලබොරුළු අමුනුමුසු එක්කල්ක මනාවෙලනාබිය තුලත් සහ නාබියදාගැකලබඩ මල දරු වැටෙතෙයි නියතිම්ම බල

ඊටම දුම

17

ලබු බිජු කුළුරුන සුවසය සහ අබදතලතෙල්වටා අරගණ සිතුලෙසට නදගැබ මළහොත් මේ දුම් පා උතුම් ගදවහා වැටෙයි බඩ මල දරු එබිළිඳ

විලි වැඩිවීමට කැඳ

18

තැඹිලි තල කිතුල් මේ හැම ගොබ රැගෙනායුස මැඩ මෙයින් සිනටි කැඳ පිසාගෙනාසහිඳ නැති මුදු ලුණු සෙත්දිරික්ක ඇට ගෙනාඅඹරා කැඳටලා දෙනු විලි එය සැනෙනා

ප්‍රසූතයට බේත

19

කොටිකත් බැබිලකොල සා මැඩ ඉස්ම උතුකලකිතිලි බිජුවටේ සුදුමද සඳුන් එලගිතෙල් දෙලොස් කලදක් සමග මනකලමෝවට ගැසී දිය හිස් ගැබට පොව බල

මෙම පාඨය මුල් ස්කෑන් පිටපතෙන් අකුරට අකුර ලියා ඇත — පැරණි අක්ෂර වින්‍යාසය එලෙසම තබා ඇත. වැරදි හමුවුවහොත් අපට දන්වන්න.

ප්‍රසූතිය

මූලාශ්‍ර

  1. අක්ෂියෝග සිතුමිණ (ඇස් වෙද පොත) — මුද්‍රිත පිටු 2–3 (ස්කෑන් PDF පිටු 3–4)

වෛද්‍ය උපදෙස්: මෙහි ඇති තොරතුරු පාරම්පරික දැනුම සංරක්ෂණය සහ අධ්‍යාපනික අරමුණු සඳහා පමණි — රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. රෝගයකදී, ගැබිනි කාලයේදී, ළමුන් සඳහා හෝ වෙනත් ඖෂධ ගන්නා විට සුදුසුකම් ලත් ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. හදිසි අවස්ථාවකදී 1990 සුවසැරිය අමතන්න.

© 2026 හෙළ වෛද්‍ය පුස්තකාලය · LankaLuxTravel.com — පාරම්පරික දැනුම සංරක්ෂණය හා අධ්‍යාපනය සඳහා.

WhatsApp us — 24/7