ප්‍රසූතයට ආලේප, අඳුන හා ගුරුකම්
📖 මූලාශ්‍රය: අක්ෂියෝග සිතුමිණ (ඇස් වෙද පොත)
⏳ වෛද්‍ය සමාලෝචනයට පෙර — මෙම ලිපිය ලියාපදිංචි ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකු විසින් තවම පරීක්ෂා කර නැත. පහත මූලාශ්‍ර බලන්න.
ප්‍රසූතයට ආලේප, අඳුන, ගුරුකම් (මන්ත්‍ර) හා ගර්භය රැකීමට පොතේ දක්වා ඇති ක්‍රම.
!කියවීමට පෙර
- මෙය ඓතිහාසික පාඨයක් පමණි — ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. මෙහි ඇති වට්ටෝරු නූතන වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂා කර නැත; ස්වයං ප්‍රතිකාර සඳහා භාවිතා නොකරන්න.
- ගැබිනි කාලයේ, දරු ප්‍රසූතියේදී හෝ ගබ්සාවකදී මෙහි ඇති කිසිවක් භාවිතා කරන්න එපා. ලේ ගැලීම, දැඩි වේදනාව, දරුවා සෙලවීම අඩුවීම හෝ ප්‍රසව වේදනාවකදී වහාම රෝහලට යන්න / 1990 අමතන්න.
- නියඟලා / නියගලා (Gloriosa superba) — දැඩි විෂ සහිතයි; ගිලීමෙන් මරණය පවා සිදුවිය හැක.
ඊට බේත් ආලේපය
වංඇපලමූල් අඹරා යෝනියේ පෙකනියේ ආලේප කරන්නේයි එවිගස ප්රසූතවේ. එලවරා සිරිලදෙක මූවෙන් නොබැනා අඹරා යෝනියේ ආලේපකරන්නේයි, ඊටම වංඇපල කොල යුසමැඩ උතුමග දෙකිලියේ ගල්වන්නේයි විගස ප්රසූතවේ ඊටම මීගහෙ පුවටා කසාය යුස දෙපතුල ගාන්නේ වදන්.
ප්‍රසූතයට අඳුන—තොටපියලි තඩ [?] ගුඹර එඬරු තෙලින් අඳුන් ඔස්වා සැබෝ යුසින් අතා ඒ අඳුන් අල්ලේගා පාත්තේ වදත්.
ඊටම ගුරුකම
නමෝ ලොචන මචාකී [?] පණ්ඩරවාසනී සමයකනාමම්මඒස්වා අවතුරසියන් දපා රුවත් සූත්‍රය පුරවා පැත් දෙත්තේ සුවසේ වදත්,—
ඊටම
ඕං නමෝ අඟුලිමාලෝ මහාථෙරො මහාවිරෙ මහා බලො ගර්භිනී විසේසංගම්භො නික්ඛමතුසවඃ—තලතෙල් තව විටක් දපා බඩේ පාතට ගාන්නේ වදත්
ගර්භය ආරකෑම් [?] සිටියාට කැවීමට—වදකහ තලතෙල් වටා පොට්ට තිබාද කවත්තේ වදත්.
රූජා වැඩිවීමට—වැල්මී අඹරා උනුපැනීන් දෙන්නේ වද න්ඩ රූජා වැඩිවේ
ප්‍රසූතයට බේත්—නිතිපත්රූස තලතෙල්හෙව දෙත්තේ වහා වදත්—ඊටම කොල්ලු බෙලි රඹුක්බඩ පල්මංගෙණ සත රතැලිය එකට කකාර කසපැත්දිය සමග දෙත්තේ වහා වදත්
බඩ මල දරුවැටීමට ආලේප—සස්සදමුල්වටා යටිපතුලේ ආලේප කරගතේ මලකුණ වැටේ—ඊටම; දුම්භුප්ජාතු නියගලා අල තුඹපත් තාසියව සෙන්තල තෙර කොටවත් අඩ මෙවා වෙන වෙනම හෝ දෙකක් එක්ව හෝ සියල්ල හෝ කොටා යෝනියට දුන් පාත්තේ වදත්—කරවැල් සැව පොඩිතොට වසා දුත් පාත්තේ ස්ත්‍රියගේ මලදරුවෝ වැටේ—කරල්සැබෝමුල් මූවෙන් නොබැනා පිටිඅතින්ගෙණ යෝනියට දුන්පාත්තේ කුසෙහි අමරුමුත් වැටෙයි.
මෙම පාඨය මුල් ස්කෑන් පිටපතෙන් අකුරට අකුර ලියා ඇත — පැරණි අක්ෂර වින්‍යාසය එලෙසම තබා ඇත. පැහැදිලිව කියවිය නොහැකි වචන [?] ලෙස සලකුණු කර ඇත. වැරදි හමුවුවහොත් අපට දන්වන්න.
මූලාශ්‍ර
- අක්ෂියෝග සිතුමිණ (ඇස් වෙද පොත) — මුද්‍රිත පිටු 3–4 (ස්කෑන් PDF පිටු 4–5)
වෛද්‍ය උපදෙස්: මෙහි ඇති තොරතුරු පාරම්පරික දැනුම සංරක්ෂණය සහ අධ්‍යාපනික අරමුණු සඳහා පමණි — රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. රෝගයකදී, ගැබිනි කාලයේදී, ළමුන් සඳහා හෝ වෙනත් ඖෂධ ගන්නා විට සුදුසුකම් ලත් ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. හදිසි අවස්ථාවකදී 1990 සුවසැරිය අමතන්න.