පිත, සෙම හා ලේ නිසා වූ නෙත් රෝග
📖 මූලාශ්රය: අක්ෂියෝග සිතුමිණ (ඇස් වෙද පොත)
⏳ වෛද්ය සමාලෝචනයට පෙර — මෙම ලිපිය ලියාපදිංචි ආයුර්වේද / දේශීය වෛද්යවරයෙකු විසින් තවම පරීක්ෂා කර නැත. පහත මූලාශ්ර බලන්න.
ඇසට අඳුනක්, ඇස් රුජාවට ආලේපය, පිතින්, සෙමෙන් හා ලෙයෙන් වූ නෙත් රෝග, සියලු නෙත් රෝග හා කබට.
!කියවීමට පෙර
- මෙය ඓතිහාසික පාඨයක් පමණි — ප්රතිකාර නිර්දේශයක් නොවේ. මෙහි ඇති වට්ටෝරු නූතන වෛද්ය විද්යාත්මකව පරීක්ෂා කර නැත; ස්වයං ප්රතිකාර සඳහා භාවිතා නොකරන්න.
- කිසිම බෙහෙතක්, කුඩුවක්, යුෂයක් හෝ අඳුනක් වෛද්යවරයෙකුගේ උපදෙසකින් තොරව ඇසට දමන්න එපා — ආසාදන, කෝනියා තුවාල සහ අන්ධභාවය ඇතිවිය හැක. ඇසේ වේදනාව, රතුවීම හෝ පෙනීම අඩුවීමකදී ඉක්මනින් ඇස් වෛද්යවරයෙකු හමුවන්න.
- මනෝසිල (ආසනික් සල්ෆයිඩ්) සහ පාසානම් (ආසනික්) — විෂ සහිත ලෝහ/ඛනිජ; භාවිතය අනතුරුදායකයි.
ඊටම අඳුනක්.
සිද්දිගුරු, සිඳුඑනු, පොතුගිය මිරිස් කලද බැගින් ගෙණ මෙයිවා මඩෙක ලා සියඹලාකොළ යුස කලදයි කෝමාරිකා යුස දෙකලදයි, මැවකේ අරළු යුෂ දෙකලදයි, එලකිරි දෙකලදයි, මෙකිවා මඩෙක ලා සතියක්තබා තලතෙල් මදක් එක්කොට අඳුන් සේදූකල තම්බා කරඬුවක ලා ඇසලනු රත්ඉදිමුත් නැතිවේ.
ඇස් රූජාවට ආලේපය-
වැල්මී, සඳුන්, ලොත්සුඹුළු, රත්වන් ගුරු, මෙකී දේ අඹරා එළු කිරෙන් කකාර ඇස පුරවනු. ඇසේ පහරණ දැඩිවූ රූජාව නැතිවේ.
පිතින්වූ නෙත්රෝගයට කසාය.
වැල්මී, හෙළපිදුම් ලෙලි, කසා, මෙ කී බෙහෙත් දියෙහි ලා සතරබාගයක් ගෙණ මීහා සීනි එක්කොට ඒ කසාය ඇසපුරවනු පිත්රෝග නාසයි,
ඊටම හවෙකක්.
එළු සඳුන්, කොසඹ කොළ, වැල්මී, එත්සාල්, සව්ක්දව එනු, මෙකී දේ අඹරා සීනි මී හා සමග ඇස පුරවනු පිතිත්වූ ඇස් රෝගය නාසයි.
සෙමෙන්වූ නේත්ර රෝගයට කසාය
වෙනිවැල් කලන් දෙක බැගින් ගෙණ දියෙන් අඹරා ඇස පුරවනු සෙමෙන් උපන් නෙත්රෝග නසයි.
12 ඊටම හවෙකක්
කොසොඹකොල වරාකොළින් අකුලා උනඅළුයෙන් තම්බා යුස ගෙණ ලොත්සුඹුළු සතර කලදක් ගෙණ අඹරා ඇස පුරවනු සෙමෙන් උපන් නෙත්රෝග නසයි.
ලෙයෙන්වූ නෙත් රෝගයට
ලොත්සුඹුළු, නිපල්, වැල්මී, සීනි, දෙවුදුරු, වම්මුතු, මේකීවා දියෙන් අඹරා සීනි සමග පෙරා ඇස පුරවනු. ලෙයෙන් උපන් අක්ෂිරෝග නසයි.
16 සියලු නෙත් රෝගයට
ලොත්සුඹුළු, වැල්මී, වෙනිවැල්, මනෝසිල, අජනකැට [?], මේකී දේ අඹරා එළුකිරෙන් හෝ වෙනිවැල් කසායෙන් හෝ මී සමග එක්කර ඇස පුරවනු. සියලු ඇස්රෝග නසයි.
17 නෙතේ කබට
ගිරියල්, වෙනිවැල්, වදකසා, මෙකී දේ තලාකොළ යුසින් අඹරා ගුලිකොට පවනේ වියලා එම යුසින් ඇස ලනු කබ නැතිවේ
මෙම පාඨය මුල් ස්කෑන් පිටපතෙන් අකුරට අකුර ලියා ඇත — පැරණි අක්ෂර වින්යාසය එලෙසම තබා ඇත. පැහැදිලිව කියවිය නොහැකි වචන [?] ලෙස සලකුණු කර ඇත. වැරදි හමුවුවහොත් අපට දන්වන්න.
මූලාශ්ර
- අක්ෂියෝග සිතුමිණ (ඇස් වෙද පොත) — මුද්රිත පිටු 9–10 (ස්කෑන් PDF පිටු 10–11)
වෛද්ය උපදෙස්: මෙහි ඇති තොරතුරු පාරම්පරික දැනුම සංරක්ෂණය සහ අධ්යාපනික අරමුණු සඳහා පමණි — රෝග විනිශ්චයක් හෝ ප්රතිකාර නිර්දේශයක් නොවේ. රෝගයකදී, ගැබිනි කාලයේදී, ළමුන් සඳහා හෝ වෙනත් ඖෂධ ගන්නා විට සුදුසුකම් ලත් ආයුර්වේද / දේශීය වෛද්යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. හදිසි අවස්ථාවකදී 1990 සුවසැරිය අමතන්න.