Skip to content
Lanka Lux Travel
Plan My Trip
ඇස් රෝග (නේත්‍ර චිකිත්සා)

නයන රෝගයට කැඹිලි හා තැඹිලි කසාය

📖 මූලාශ්‍රය: අක්ෂියෝග සිතුමිණ (ඇස් වෙද පොත)

⏳ වෛද්‍ය සමාලෝචනයට පෙර — මෙම ලිපිය ලියාපදිංචි ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකු විසින් තවම පරීක්ෂා කර නැත. පහත මූලාශ්‍ර බලන්න.

සියලු ඇස් රෝගවලට පානය කරන කැඹිලි කසාය හා තැඹිලි කසාය.

📜 පැරණි පොතේ මුල් පාඨය (අකුරු පිටපත) මුද්‍රිත පිටු 8–9 ස්කෑන් පිටු 9–10

!කියවීමට පෙර

  • මෙය ඓතිහාසික පාඨයක් පමණි — ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. මෙහි ඇති වට්ටෝරු නූතන වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂා කර නැත; ස්වයං ප්‍රතිකාර සඳහා භාවිතා නොකරන්න.
  • කිසිම බෙහෙතක්, කුඩුවක්, යුෂයක් හෝ අඳුනක් වෛද්‍යවරයෙකුගේ උපදෙසකින් තොරව ඇසට දමන්න එපා — ආසාදන, කෝනියා තුවාල සහ අන්ධභාවය ඇතිවිය හැක. ඇසේ වේදනාව, රතුවීම හෝ පෙනීම අඩුවීමකදී ඉක්මනින් ඇස් වෛද්‍යවරයෙකු හමුවන්න.

5 නයන රෝගයට කැඹිලි කසාය

තිප්පිලි කොට්වන් එත්සාල් වැල්මී කොළිඳහාල් වලගසාල් ඉඟුරු පියලිය සාරණමුල් පැපිලිය සඳුන් කටුක ධාන්‍ය කිඳි දෙදුරු මිපුප් ඉඟුරු මෝදක වම්මුනු ඉරමසුමුල් කූරමුල් මුකුණුවැන්නමුල් ගාතාවාරියමුල් සැවැන්නමුල් ලුනුවරණමුල් මෙ සැම තුංතුං කලත්ගෙණ කසාය අටෙළ්නට සිඳුවා සීනියෙන් තුන්දවස මීපැනියෙන් තුන්දවසක් ගිතෙලින් තුන්දවසක් දෙන්නේයි සියලු ඇස්රෝග නසයි

ඊටම තැඹිලි කසාය.

ඇහැල පොතු, රසකිඳ පලමයි, තැඹිලිවතුර නැලි සොළසයි නිපල්, සව්න්බවලුණු කලද කලදයි, තිකුළු කුංකුමප්පු මේ හැම බරට ත්‍රිඵලාවාලු තුන්බරයි මේ හැම චූර්නකර පළමු කසායට යොදා සතරට කකාර මීපැනි, සීනි, ගිතෙල්, තුනෙන් නව වරුවක් දෙන්නේයි රත, දෙඇසතුල එන රූජා, ප්‍රමෙහ, රක්තාක්‍ෂාදි මේ හැම නසයි.

මෙම පාඨය මුල් ස්කෑන් පිටපතෙන් අකුරට අකුර ලියා ඇත — පැරණි අක්ෂර වින්‍යාසය එලෙසම තබා ඇත. වැරදි හමුවුවහොත් අපට දන්වන්න.

ඇස් රෝගප්‍රමේහ

මූලාශ්‍ර

  1. අක්ෂියෝග සිතුමිණ (ඇස් වෙද පොත) — මුද්‍රිත පිටු 8–9 (ස්කෑන් PDF පිටු 9–10)

වෛද්‍ය උපදෙස්: මෙහි ඇති තොරතුරු පාරම්පරික දැනුම සංරක්ෂණය සහ අධ්‍යාපනික අරමුණු සඳහා පමණි — රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. රෝගයකදී, ගැබිනි කාලයේදී, ළමුන් සඳහා හෝ වෙනත් ඖෂධ ගන්නා විට සුදුසුකම් ලත් ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. හදිසි අවස්ථාවකදී 1990 සුවසැරිය අමතන්න.

© 2026 හෙළ වෛද්‍ය පුස්තකාලය · LankaLuxTravel.com — පාරම්පරික දැනුම සංරක්ෂණය හා අධ්‍යාපනය සඳහා.

WhatsApp us — 24/7