⏳ වෛද්ය සමාලෝචනයට පෙර — මෙම ලිපිය ලියාපදිංචි ආයුර්වේද / දේශීය වෛද්යවරයෙකු විසින් තවම පරීක්ෂා කර නැත. පහත මූලාශ්ර බලන්න.
ගැබ් ගත් පළමු මසේ සිට දසවන මස දක්වා එක් එක් මසට පොතේ දක්වා ඇති ලක්ෂණ, බෙහෙත් හා පිදේනි.
!කියවීමට පෙර
- මෙය ඓතිහාසික පාඨයක් පමණි — ප්රතිකාර නිර්දේශයක් නොවේ. මෙහි ඇති වට්ටෝරු නූතන වෛද්ය විද්යාත්මකව පරීක්ෂා කර නැත; ස්වයං ප්රතිකාර සඳහා භාවිතා නොකරන්න.
- ගැබිනි කාලයේ, දරු ප්රසූතියේදී හෝ ගබ්සාවකදී මෙහි ඇති කිසිවක් භාවිතා කරන්න එපා. ලේ ගැලීම, දැඩි වේදනාව, දරුවා සෙලවීම අඩුවීම හෝ ප්රසව වේදනාවකදී වහාම රෝහලට යන්න / 1990 අමතන්න.
ගර්භිණීනට ආරක්ෂාව. නමෝ සර්ව්යුඥ—
අලුම් ගැබ හටගත් මස පටන් පිළියම් කරවනුමෙයි.
ගැබ හටගත් පළමුවෙනි මස පුල්ලකොල්ලිය නම් යක්ෂයාට දිෂ්ටිය.—ඊට ලකුණු, බඩදගලා රූජාගනී ඉක්කාද ඇතිවේ—මීට බේත, සුදුසඳුන් සැවැන්න අඹරා එලකිරෙන් පාන්වෙලක් පොවන්නේයි.—ඊටම දෙළ, මූනමල් බඩදරූ සලිලවා [?] සුවඳ දුන් දී උසක පුදවන්නේයි.
ගැබ්ලත් දෙවෙනි මසට—චූළමෝලිනම් යක්ෂයාට දිෂ්ටිය.—ඊට ලකුණු, බඩ අතපයගානවාද හිසකරකැවා කලාන්තද වේ—ඊට බේත නෙලුන්අල කොටවන් සඳුං එලකිරෙන් පොවනු—ඊට දෙළ පිදේනි, තැඹිලිගෙඩියක් කපා සඳුන් බුලත්හා උසක පුදවන්නේයි.
ගැබ්ලත් තුන්මසට—චූරනම් යක්ෂයාගේ දිෂ්ටිය.—ඊට ලකුණු පෙකනියවට රූජාවේ. මීට බේත, රතාවරාපුස හා පොල්කිරෙන් හාල්පිටි තළප උයා කවන්නේයි—ඊට දෙළ පිදේනි, සවුනෙන්දෑමල් උසක පුදවන්නේයි.
ගැබ්ලත් හතරවෙනි මසට—වංගියනම් යක්ෂයාට දිෂ්ටිය—ඊට ලකුණු, ඇසත් යටිබඩත් රිදේ බඩ රූජාගනී මුත්ර ඇසුරුවේ. ඊට බේත, නෙලුන්අල ඉරමසු මාදන් පොතුයුසත් හාල්පිටිදමා තළප උයා දෙනු—ඊට දෙළ, රතු කපුමල් පුදනු
ගැබ්ලත් පස්වෙනි මසට—සමකපිත්තාලකී යන යක්ෂයාට දිෂ්ටිය—ඊට ලකුණු, බඩ රූජාගනී යෝනියමල ඇතුත් ඇතිවේ සියලුදේට ආසාතරයි කය ඉදිමෙයි—මීට බේත, සඳුන් මුස්තාකල්ද [?] පාහුදියෙන් අඹරා එයින් පොවන්නේය—ඊටම දෙළ පිදේනි වකුළුවල්දුන් එලකිරි සඳුන් මීපැනි තැඹිලිගෙඩි දෙළ පුදන්නේය.
ගැබ්ලත් හයවෙනි මසට—සන්නෝලීනම් යක්ෂයාට දිෂ්ටිය ඊට ලකුණු, මසටවඩා දෙළදුන්තරමා [?] ඉන්නා තරමා උස්මනා කරවයි—ඊට බේත; නීපල් කසාය එලඟුන්කිරෙන් දෙන්නේය සඳුං නෙලුන්දඬු එලඟුන්කිරෙන් දෙන්නේයි—ඊට දෙළ පිදේනි කුන්ද්රික්ගත් මැලියන් දුංපා බුලත් පුදවන්නේය.
ගැබ්ලත් හත්වෙනි මසට—පාමුඩිකොෝඩිනම් යක්ෂයාට දිෂ්ටිය ඊට ලකුණු, ඇඟරිදුත් ලවුනාගනී ගතඉදිමුම් ඉඟරිදුත්ද වේ—මීට බෙහෙතිතෙල් තලතෙල් එඬරුතෙල් ගම්මිරිස්කුඩු හතරවගෙ බෙලි කටුවකින් එකක් පමන පොවන්නේයි—ඊට දෙළ පිදේනි, සඳුන් වැල්මී තනකිරි පුදවන්නේයි.
ගැබ්ලත් අටවෙනි මසට—තෙසුපුනම් යක්ෂයාට දිෂ්ටිය—ඊට ලකුණු, ඇඟ වේදනාකෙරේ නිදි වැඩිකෙරේ බඩ ඉදිමේ යන ලකුණුවේ—මීට බේත, මිරිස් කිඳි සාතාවාරිය කකාරදෙන්නේයි ඊටම දෙළ පිදේනි, නෙලුම්මල් පුදන්නේයි
ගැබ්ලත් නවවෙනි මසට—සුලියම්නම් යක්ෂයාට දිෂ්ටිය—ඊට ලකුණු, සියලු රූජාගනී බඩරිදේ දෙනත රිදුන්[?]—මීට බේත ගිතෙල් එලකිරි කුරුම්බාදිය කකාර හිස්බඩ දෙන්නේයි—ඊට දෙළ පිදේනි, රත්මල් සඳුන් බුලත් පුදවන්නේයි.
ගැබ්ලත් දසවෙනි මසට—සුලියම්නම් යක්ෂයාට දිෂ්ටිය—ඊට ලකුණු, සියලුදින රූජාකෙරේ කෑම්අරුචිකරවා බඩවාතයපුරවා නිදි වැඩිවේ සන්ධි රූජාගනී යනමේ ලකුණුවේ—මීට බේත, පිටවක්කා කසාය කළුදුරුත් සමග දෙන්නේයි—මීට දෙළ පිදේනි මීපැනි හාල්රොටි පුදවන්නේයි,
මෙම පාඨය මුල් ස්කෑන් පිටපතෙන් අකුරට අකුර ලියා ඇත — පැරණි අක්ෂර වින්යාසය එලෙසම තබා ඇත. පැහැදිලිව කියවිය නොහැකි වචන [?] ලෙස සලකුණු කර ඇත. වැරදි හමුවුවහොත් අපට දන්වන්න.
මූලාශ්ර
- අක්ෂියෝග සිතුමිණ (ඇස් වෙද පොත) — මුද්රිත පිටු 1–2 (ස්කෑන් PDF පිටු 2–3)
වෛද්ය උපදෙස්: මෙහි ඇති තොරතුරු පාරම්පරික දැනුම සංරක්ෂණය සහ අධ්යාපනික අරමුණු සඳහා පමණි — රෝග විනිශ්චයක් හෝ ප්රතිකාර නිර්දේශයක් නොවේ. රෝගයකදී, ගැබිනි කාලයේදී, ළමුන් සඳහා හෝ වෙනත් ඖෂධ ගන්නා විට සුදුසුකම් ලත් ආයුර්වේද / දේශීය වෛද්යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. හදිසි අවස්ථාවකදී 1990 සුවසැරිය අමතන්න.