Skip to content
Lanka Lux Travel
Plan My Trip
ගැබිනි හා ප්‍රසූති චිකිත්සා

ගර්භිණී ජ්වර, අතිසාර, ඉක්කා හා ඡර්දි

📖 මූලාශ්‍රය: අක්ෂියෝග සිතුමිණ (ඇස් වෙද පොත)

⏳ වෛද්‍ය සමාලෝචනයට පෙර — මෙම ලිපිය ලියාපදිංචි ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකු විසින් තවම පරීක්ෂා කර නැත. පහත මූලාශ්‍ර බලන්න.

ගැබිනි මවගේ උණ, අතිසාරය, සොප, ඉක්කාව හා වමනයට පොතේ දක්වා ඇති කසාය.

📜 පැරණි පොතේ මුල් පාඨය (අකුරු පිටපත) මුද්‍රිත පිටු 5–6 ස්කෑන් පිටු 6–7 අංක 34–41

!කියවීමට පෙර

  • මෙය ඓතිහාසික පාඨයක් පමණි — ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. මෙහි ඇති වට්ටෝරු නූතන වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂා කර නැත; ස්වයං ප්‍රතිකාර සඳහා භාවිතා නොකරන්න.
  • ගැබිනි කාලයේ, දරු ප්‍රසූතියේදී හෝ ගබ්සාවකදී මෙහි ඇති කිසිවක් භාවිතා කරන්න එපා. ලේ ගැලීම, දැඩි වේදනාව, දරුවා සෙලවීම අඩුවීම හෝ ප්‍රසව වේදනාවකදී වහාම රෝහලට යන්න / 1990 අමතන්න.
34

ගර්භිනී ජ්වරයට කසාය—කිරිගඟුළු ඉරමුසු දියමිත්තා ඉරිවේරිය වම්මුනු සිඩිගුරු මෙකී කසාය කකාර නිවා දෙන්නේය ගැබෙහි ජ්වරනසා, ඊටම කසාය, ඇත්දෙමට කිඳු කසාය මීසකීර සහිත දෙන්නේ සියලු ජ්වරනසයි නවමාසය දක්වා යහපත්යයි දන්නේයි.

35

ඊටම කසාය—මිදිපලා මාතෙල්අල සුවදගොට වැල්මදට හිරමුසු මේ කසාය දෙන්නේ ජ්වර වහාම නසයි

36

ඊටම වැල්කසඹිලියා බැබිලදියමිත්තා සිඩිගුරු වම්මුනු කොතඹුරු මෙකී කසාය දෙන්නේ ජ්වර කාස අම අතිසාර සොළුන්හානී යනාමේ හැම රෝග නසයි

37

ඊටම කසාය—මීඅරටු වැල්මී කිරිහඟු හිරමසු තාමරඅල මේ කසාය දෙන්නේයි. සියලු ජ්වරනසා ගර්භජ්වරයට ප්‍රත්‍යක්‍ෂයි

38

ගැබිනී අතිසාරයට ඇල්කසඹිලියා බැබිල දියමිත්තා සිඩිගුරු ඉවද වම්මුනු මේ කසාය දෙන්නේ සෑම අතිසාර නසයි

39

ගැබිනී සොපයට සාරණ අමුඉඟුරු මේ කසාය එල කිරි මීශ්‍රකර රාත්‍රී දෙන්නේයි බඩ රූජාවටත් යහපති

40

ගර්භිනීන්ගේ ඉක්කාවට කසාය—බෙලි බැබිල දියහා කිරි සෙ කකාර දෙන්නේ ඉක්කා නසයි

41

ගර්භිනීන්ගේ ඡර්ද්දි ආදියට පුටපාකය කිඳ්දලු වන්ඩුවේ තඹා යුස මැඩ උයා සීනිහා මීයෙන් දෙන්නේ ගර්භිනී ඡර්ද්දි අතිසාර නසා විංශති ප්‍රමේහයට යහපති

මෙම පාඨය මුල් ස්කෑන් පිටපතෙන් අකුරට අකුර ලියා ඇත — පැරණි අක්ෂර වින්‍යාසය එලෙසම තබා ඇත. වැරදි හමුවුවහොත් අපට දන්වන්න.

අතිසාරයඉක්කාවඋණගැබිනි කාලයවමනය

මූලාශ්‍ර

  1. අක්ෂියෝග සිතුමිණ (ඇස් වෙද පොත) — මුද්‍රිත පිටු 5–6 (ස්කෑන් PDF පිටු 6–7)

වෛද්‍ය උපදෙස්: මෙහි ඇති තොරතුරු පාරම්පරික දැනුම සංරක්ෂණය සහ අධ්‍යාපනික අරමුණු සඳහා පමණි — රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. රෝගයකදී, ගැබිනි කාලයේදී, ළමුන් සඳහා හෝ වෙනත් ඖෂධ ගන්නා විට සුදුසුකම් ලත් ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. හදිසි අවස්ථාවකදී 1990 සුවසැරිය අමතන්න.

© 2026 හෙළ වෛද්‍ය පුස්තකාලය · LankaLuxTravel.com — පාරම්පරික දැනුම සංරක්ෂණය හා අධ්‍යාපනය සඳහා.

WhatsApp us — 24/7