Skip to content
Lanka Lux Travel
Plan My Trip
ඇස් රෝග (නේත්‍ර චිකිත්සා)

ඇස කඳුළු ආදියට සහ තවත්

📖 මූලාශ්‍රය: සෙංකඩගල රජවාසල ඇස්වෙද පොත

⏳ වෛද්‍ය සමාලෝචනයට පෙර — මෙම ලිපිය ලියාපදිංචි ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකු විසින් තවම පරීක්ෂා කර නැත. පහත මූලාශ්‍ර බලන්න.

ඇසේ කඳුළු, බිබිලි, මැසි පෙනීම හා අඳුරු පෙනීමට කවි.

📜 පැරණි පොතේ මුල් පාඨය (අකුරු පිටපත) මුද්‍රිත පිටු 9–10 ස්කෑන් පිටු 11–12 අංක 68–75

!කියවීමට පෙර

  • මෙය ඓතිහාසික පාඨයක් පමණි — ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. මෙහි ඇති වට්ටෝරු නූතන වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂා කර නැත; ස්වයං ප්‍රතිකාර සඳහා භාවිතා නොකරන්න.
  • කිසිම බෙහෙතක්, කුඩුවක්, යුෂයක් හෝ අඳුනක් වෛද්‍යවරයෙකුගේ උපදෙසකින් තොරව ඇසට දමන්න එපා — ආසාදන, කෝනියා තුවාල සහ අන්ධභාවය ඇතිවිය හැක. ඇසේ වේදනාව, රතුවීම හෝ පෙනීම අඩුවීමකදී ඉක්මනින් ඇස් වෛද්‍යවරයෙකු හමුවන්න.

ඇස කඳුළු ආදියට සහ තවත්.

68

මුගුනුවැන්න තිපල්ද ගෙඳපලා ගෙනසඳුන් දෙකද ගොඩමානෙල් අලද ගෙනඅඳුනුත් කිකිරිදිය සිවංගුරු ගෙනකුමරිත් එලතඹුරු වැල්මී ඉඟිනි ගෙන

69

නිබපත් සමග මානෙල් අලද අරගනයුසගත් එලකිරෙන් තම්බා අඹරමිනවටවත් ඇසේ ගෑකල ගුනපවසමිනකඳුළුත් බිබිලි රතසුදගුන වෙයි සොඳින

70

කෙලිමින් මැසිදනුළුත් පෙනෙන ලෙඩ දනපෙනෙමින් ඇසේ මීදක් ලෙසට බබලනමෙලෙසින් ඇසේ නවසියයක් ලෙඩද දනවිගසින් දුරුවේය රිවිදුටු අඳුරුමෙන

71

ගන්නේ තිපල් දෙසදුන් මානෙල් සොඳි[?]එන්නේ දෙදුරු වැටකේ බොඩ කුමරියෙ[?]ගන්නේ සුළුකුර මේහැම එකපමණ[?]ගින්නේ තබාලා එලමුත්‍ර සමගි[?]

72

අඹරා මීයුසින් ඇසවට ගාපුතැ[?]නොහැරා සුදරතත් කඳුළුත් වැගිරෙ[?]සපුරාතුං සියවිස්සක් ලෙඩනිති[?]එවරා දුරුවේය අලපොතු ජලලෙසි[?]

73

තිපල් සඳුන් දෙක වැල්මී අරගන්නේඅගිල් ඉඟිනිඇට කෝමාරිකා ගන්නේකරල් සැබෝ සුළුකුරද මුල්ගන්නේඉගිලී දුරුවේය සැම්ලෙඩ දැනගන්නේ

74

කොටලා කැබැල්ලද පොතු ඉස්ම අරගෙනනුමුලා දෙසඳුන්ද තිපළුත් යොදාගෙනඑකලා අඹරමින් මීපැනි සමව ගෙනලිපලා පැසවමින් ඇසගාපු විගසින

75

රතත් සමග සුද ඉදිමුන් දැනගන්නේපිතත් සමග කපවාතෙන් ලෙඩ එන්නේනෙතත් අඳුරු මැසිනූලුත් පෙනෙන්නේමෙකී රෝග දුරුවී නෙත් බබලන්නේ

මෙම පාඨය මුල් ස්කෑන් පිටපතෙන් අකුරට අකුර ලියා ඇත — පැරණි අක්ෂර වින්‍යාසය එලෙසම තබා ඇත. පැහැදිලිව කියවිය නොහැකි වචන [?] ලෙස සලකුණු කර ඇත. වැරදි හමුවුවහොත් අපට දන්වන්න.

ඇස් රෝග

මූලාශ්‍ර

  1. සෙංකඩගල රජවාසල ඇස්වෙද පොත — මුද්‍රිත පිටු 9–10 (ස්කෑන් PDF පිටු 11–12)

වෛද්‍ය උපදෙස්: මෙහි ඇති තොරතුරු පාරම්පරික දැනුම සංරක්ෂණය සහ අධ්‍යාපනික අරමුණු සඳහා පමණි — රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. රෝගයකදී, ගැබිනි කාලයේදී, ළමුන් සඳහා හෝ වෙනත් ඖෂධ ගන්නා විට සුදුසුකම් ලත් ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. හදිසි අවස්ථාවකදී 1990 සුවසැරිය අමතන්න.

© 2026 හෙළ වෛද්‍ය පුස්තකාලය · LankaLuxTravel.com — පාරම්පරික දැනුම සංරක්ෂණය හා අධ්‍යාපනය සඳහා.

WhatsApp us — 24/7