අන්තර්ගතයට යන්න
LankaLux Astro
නොමිලේ ජන්ම කේන්දරය

✦ ජ්‍යොතිෂවේදීන් සඳහා · LankaLux Astro × Ceylon Web Studio

ඔබගේ සම්ප්‍රදායික ජ්‍යොතිෂ සේවාව නව තාක්ෂණයෙන් සවිබල ගන්වන්න!

ඔබගේ වටිනා පාරම්පරික ජ්‍යොතිෂ දැනුමේ රහස්‍යභාවය 100%ක් සුරකිමින්, දිවයින පුරා සහ විදේශගත සේවාදායකයින් වෙත ඔබව සම්බන්ධ කරවීමට අප සූදානම්.

  • උපදෙස් නොමිලේ — කිසිදු බැඳීමක් නැත
  • තාක්ෂණික දැනුම අවශ්‍ය නැත
  • සිංහලෙන් කතා කරන්න

අපගේ පළමු පොරොන්දුව

ඔබේ දැනුම ඔබේමයි. එය අන්තර්ජාලයට යන්නේ නැත.

පරම්පරාවෙන් පරම්පරාවට ආ ගණනය කිරීමේ ක්‍රම, සූත්‍ර, පුස්කොළ පොත් හා ඔබේ අත්දැකීම් — ඒවා ඔබේ ජීවිතයේ ධනයයි. ඒ නිසා අපි ඒවා කිසිදු වෙබ් අඩවියකට, සර්වරයකට හෝ වෙනත් අයෙකුට නිරාවරණය කරන්නේ නැත.

🔐 අන්තර්ජාලයට කිසිවක් නැත

ඔබේ රහස් ගණනය කිරීම් Offline මෘදුකාංගයේ, ඔබේ උපාංගයේම පමණක් ක්‍රියා කරයි.

🌐 වෙබ් අඩවියේ ඇත්තේ ඔබ කැමති දේ පමණි

ඔබේ නම, සේවා හා සම්බන්ධ විය හැකි ආකාරය — ඔබේ ක්‍රම නොවේ.

🤝 රහස්‍යභාවය ලිඛිතව

ඔබ කැමති නම් වැඩ ආරම්භයට පෙර රහස්‍යභාව එකඟතාවකට (NDA) අත්සන් කිරීමට අපි සූදානම්.

මේ ගැටලු ඔබටත් හුරුපුරුදුද?

📞

දවස පුරා දුරකථන ඇමතුම් — කවුද, කීයටද එන්නේ කියා මතක තබාගැනීම අපහසුයි.

✍️

එක කේන්දරයක් අතින් ලියා, පලාපල සකස් කිරීමට පැය ගණනක් යයි.

🌍

විදේශගත ලාංකිකයන්ට හා අලුත් පරම්පරාවට ඔබව සොයාගන්න ක්‍රමයක් නැත.

🕯️

අන්තර්ජාලයට ගියොත් ඔබේ ක්‍රම අනුන් පිටපත් කරයි කියා බියක්.

මේ සියල්ලටම විසඳුම් තුනක් — ඔබේ අවශ්‍යතාව අනුව එකක් හෝ සියල්ලම.

අපෙන් ඔබට ලැබෙන සේවාවන්

සරලයි. ආරක්ෂිතයි. ඔබටම වෙන්වූවකි.

සේවාව 1

ඔබගේම ජ්‍යොතිෂ වෙබ් අඩවියක්

ඔබේ නම, පරම්පරාව හා සේවාවන් ගැන විශ්වාසය ගොඩනගන, ඔබටම වෙන්වූ වෘත්තීය වෙබ් අඩවියක් — දුරකථනයෙන් බලන අයට ද ඉතා පහසුවෙන්.

  • ඔබේ ගුරු පරම්පරාව හා අත්දැකීම් කතාව
  • සේවා ලැයිස්තුව — කේන්දර බැලීම, පොරොන්දම්, නැකත්, ශාන්තිකර්ම
  • ලිපිනය, Google සිතියම හා වේලාවන්
  • Google හි සොයාගත හැකි ලෙස (SEO) සැකසීම
  • සිංහල / English / දෙමළ — ඔබ කැමති භාෂාවෙන්

සේවාව 3

Offline පරිගණක මෘදුකාංග සහ ජංගම යෙදුම් (Mobile Apps)

ඔබේ සුවිශේෂී ගණනය කිරීමේ ක්‍රම අන්තර්ජාලයට එක් කිරීමට අකමැති නම් — අන්තර්ජාල සම්බන්ධතාවක් නොමැතිව, ඔබට පමණක් භාවිතා කළ හැකි ආරක්ෂිත මෘදුකාංගයක්.

  • ඔබේ ක්‍රමයටම කේන්දර, දශා හා ගණනය කිරීම්
  • ඔබේ නම හා ලාංඡනය සහිත කේන්දර සටහන් හා පලාපල වාර්තා මුද්‍රණය
  • පරිගණකයේ හෝ phone එකේම පමණක් — internet අවශ්‍ය නැත
  • සේවාදායක ලේඛන හා පැරණි කේන්දර ඔබ ළඟම සුරක්ෂිතව

අමතරව: ඔබේ වෙබ් අඩවියට සම්මත (ලාහිරී) ගණනය සහිත කේන්දර, පොරොන්දම් හෝ නැකත් මෙවලමක් — ඔබේ රහස් ක්‍රම නොව, සේවාදායකයින් ආකර්ෂණය කරගැනීමට.

අපි හදන දේ — ඔබම අත්හදා බලන්න

මේ වෙබ් අඩවියේ ඇති LankaLux Astro මෙවලම් සියල්ල අපි නිර්මාණය කළේ — සිංහලෙන්, ඕනෑම දුරකථනයකින්.

ආරම්භ කිරීම පියවර 4කින්

  1. 1

    WhatsApp කරන්න

    ඔබේ නම හා නගරය පමණක් එවන්න. අපි ඔබට කතා කරන්නම්.

  2. 2

    නොමිලේ කතාබහ

    ඔබේ සේවාව හා අවශ්‍යතා අහගෙන, සුදුසුම විසඳුම හා මිල ගණන පැහැදිලිව කියන්නම්.

  3. 3

    අපි සකස් කරමු

    ඔබ අනුමත කරන තුරු පෙන්වමින්, ඔබේ අදහස් අනුව සකස් කරමු.

  4. 4

    භාරදීම හා උදව්

    භාවිතා කරන ආකාරය සරලව උගන්වා, පසුවත් අවශ්‍ය උදව් ලබා දෙමු.

ඔබට අවශ්‍ය දේ තෝරා එක බොත්තමකින් අපට එවන්න

WhatsApp විවෘත වූ පසු පණිවිඩය ඔබට වෙනස් කළ හැක. මෙහි කිසිවක් අපේ සර්වරයේ ගබඩා නොවේ.

නිතර අසන ප්‍රශ්න

මගේ ගණනය කිරීමේ ක්‍රම අන්තර්ජාලයට යනවාද?

නැත. ඔබේ ක්‍රම යොදාගන්නේ Offline මෘදුකාංගයේ පමණි — එය ඔබේ පරිගණකයේ හෝ දුරකථනයේම ක්‍රියා කරයි. වෙබ් අඩවියේ ඇත්තේ ඔබ තෝරන තොරතුරු පමණි.

මට පරිගණක දැනුමක් නැහැ. මට පුළුවන්ද?

ඔව්. සියලු තාක්ෂණික කටයුතු අපි බලාගන්නෙමු. ඔබට අවශ්‍ය වන්නේ WhatsApp භාවිතා කිරීමේ හැකියාව පමණි — ඉතිරිය සරලව සිංහලෙන් උගන්වන්නෙමු.

පරිගණකයක් නැතිව phone එකෙන් පමණක් පුළුවන්ද?

ඔව්. වෙබ් අඩවිය හා WhatsApp සේවාව phone එකෙන්ම කළමනාකරණය කළ හැක. අවශ්‍ය නම් Android යෙදුමක් ලෙසද ගණනය කිරීම් සකස් කළ හැක.

මිල කීයද?

එය ඔබේ අවශ්‍යතාව අනුව වෙනස් වේ. පළමු කතාබහ නොමිලේ — ඉන්පසු අපි ඔබට පැහැදිලි මිල ගණනක් ලබා දෙන්නෙමු. ඔබ එකඟ වුවහොත් පමණක් වැඩ ආරම්භ කරමු.

දෙමළ හෝ English භාෂාවෙන් සේවාව දෙන්න පුළුවන්ද?

ඔව් — සිංහල, දෙමළ, English හෝ භාෂා කිහිපයකින්ම.

ඔබේ වටිනා කාලය හා ශ්‍රමය ඉතිරි කරගනිමින් ඔබේ සේවාව තවත් පුළුල් කරගන්න.

තාක්ෂණික කටයුතු සියල්ල අප බලාගන්නෙමු! අදම අපව අමතන්න හෝ WhatsApp පණිවිඩයක් එවන්න.

LankaLux Astro × Ceylon Web Studio · ශ්‍රී ලංකාව · ceylonwebstudio.com

WhatsApp කරන්න — පැය 24ම